ආදායම පොඩි වුණත් ධනවතෙක් ගාණටම සැපට නිදාගන්න පුළුවන් ක්‍රමයක්

නිතිපතා මුදල් ඉතිරි කිරීම නින්ද වැඩි දියුණු කිරීමට උපකාරී වන බව නවතම පර්යේෂණයක් මඟින් අනාවරණය වී තිබෙනවා.

මාසිකව මුදලක් ඉතිරි කිරීම මිනිසුන්ට විවේක ගැනීමට සහ අනාගතය ගැන වඩාත් ශුභවාදී වීමට උපකාරී වූ බව බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ විද්වතුන් විසින් කරන ලද මෙම අධ්‍යයනයෙන් හෙළි වුණා.

අඩු ආදායම් ලබන්නන් වුව ද නිත්‍ය ඉතිරි කරන්නන් ධනවත් ඉතිරි නොකරන අයට සමානවම තෘප්තිමත් ජීවිත ගත කරන බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

එක්සත් රාජධානියේ වැඩිහිටියන්ගෙන් හතරෙන් එකක් පවුම් 100 ට වඩා අඩු ඉතිරියක් ඇති බව සමීක්ෂණ යෝජනා කර තිබෙනවා.

මුදල් ඉතිරි කිරීම මෑත වසරවල දැඩි ලෙස ඉහළ යන උද්ධමනය හේතුවෙන් අඩු අගයක් ගන්නා බව එම අධ්‍යයනය වැඩි දුරටත් පවසනවා.

ඇස්තමේන්තු කර ඇති පරිදි පුද්ගලයන් 10 දෙනෙකුගෙන් හය දෙනෙකුට ඉතුරුම් පුරුද්දක් ඇති අතර, කුඩා ආදායමක් ලැබුව ද මුදල් ඉතිරි කර ගැනීමට හැකියාවක් ඇති අයගේ මූල්‍ය ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කරන බව එහි සඳහන්.

බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ පුද්ගලික මූල්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ වාර්තාවෙන් යෝජනා කර ඇත්තේ කුඩා මුදලක් පමණක් වෙන් කළත්, නිතිපතා ඉතිරිකිරීම ජීවන තෘප්තිය වැඩි දියුණු කිරීමට මඟ පාදන බවයි.

Latest News

error: Content is protected !!