2023 වසර ෂාරුක් ඛාන්ට බඹරෙත් වැල්ලේ කැරකෙන අති සාර්ථක වසරක් වුණා. ඊට හේතුව ඔහු රංගනයෙන් හා නිෂ්පාදනයෙන් දායක වුණු පතාන්, ජවාන් සහ ඩන්කි යන චිත්‍රපට තුනම අතිශය සාර්ථක වීමයි.
කෙසේ වෙතත්, සමහරු කියා සිටියේ රාජ්කුමාර් හිරානි අධ්‍යක්ෂණය කළ ෂාරුක් ඛාන්ගේ Red Chillies සම නිෂ්පාදනය කළ ඩන්කි හිතූ තරම් සාර්ථක නොවූ බවයි.
නමුත් බොලිවුඩ් වාර්තාවක් එම කතා සම්පූර්ණයෙන් අසත්‍ය බව පෙන්වා දී තිබෙනවා. එම වාර්තාව පවසන්නේ ඩන්කි සම්බන්ධ වූ සෑම කෙනෙකුටම ලාභදායී ව්‍යාපාරයක් වූ අතර ෂාරුක් චිත්‍රපටය සමග ඉන්දියන් රුපියල් කෝටි 200 කට වඩා උපයා ඇති බවයි.
“චිත්‍රපටය ලොව පුරා ඉන්දියන් රුපියල් කෝටි 600කට වැඩි එකතුවක් ඉපැයූ බැවින් ඔහු ඉන්දියන් රුපියල් කෝටි 200ක් සහ ලාභයක් උපයා ගැනීම විය හැකියි” Deccan Chronicle වාර්තාව පෙන්වා දී තිබෙනවා.
ඇත්ත වශයෙන්ම, මෙම ප්‍රහසන චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ ඉන්දියන් රුපියල් කෝටි 84 ක අයවැයකිනි.
එය ෂාරුක් වැනි සුපිරි තරුවකගේ චිත්‍රපටයක් සඳහා මධ්‍යස්ථ අයවැයක් වුවද, එය විශාල ලාභයක් ලබා දී ඇතැයි වාර්තාව පවසනවා.
Jio Studios සහ Red Chillies Entertainment සමඟ Rajkumar Hirani Films විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ Boman Irani, Taapsee Pannu, Vicky Kaushal, Vikram Kochhar, Jyoti Subhash, Deven Bhojani, Manoj Kant සහ Anil Grover යන නළු නිළියන් ප්‍රධාන චරිත නිරූපනය කළා.