වසන්ත ඝාතනය කළ වෙඩික්කරුවන් දෙදෙනා හඳුනා ගනී

අතුරුගිරියේ ටැටූ ආයතනයකදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැති ව්‍යාපාරිකයා ඝාතනය කළ වෙඩික්කරුවන් දෙදෙනා මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ කැමරා රූප රාමු පරීක්ෂා කර බැලීමෙන් හා පරීක්‍ෂණවලදී හෙළි වූ කරුණු මත සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමට හැකිවී ඇති බවයි.

ඒ අනුව ඔවුන් සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අපරාධයකට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකු 09 වන දින බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා කොට්ටාව, අතුරුගිරිය පොලිස් ස්ථානවල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට ද මේ වන විට පියවර ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 27, 28, 31 හා 37 වයස්වල පසුවන අහුංගල්ල, බලපිටිය, ගණේමුල්ල, අම්බලන්ගොඩ හා බෙලිඅත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් සිටියි.

ඒ අතරට වෙඩි තැබීම සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු, වෙඩි තැබීමට යොදා ගත් කාර් රථය අම්බලන්ගෙඩ ප්‍රදේශයේ සිට අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන එන ලද සැකකරුවන් දෙදෙනෙකු, එම කාර් රථය අපරාධය සිදුකිරීමට පෙර නිවස පිහිටි ඉඩමේ තබාගෙන සිටි සැකකරුවෙකු, අපරාධයෙන් පසු සැකකරුවන් පැන යාමට භාවිතා කළ වෑන් රථය තබාගෙන සිටි සැකකරුවෙකු ද ඇතුළත්.

අපරාධය සිදුකිරීමෙන් පසු සැකකරුවන් පලා ගිය ව්‍යාජ අංක තහඩු යෙදූ කාර් රථය, වෑන් රථය සහ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ ජංගම දුරකථනය විර්මශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙහෙයවීම මත මෙම සැකකරුවන් ඉහත අපරාධයට ආධාර අනුබල දී ඇති බව දැනට සිදුකළ විර්මශනවලදී නිරීක්ෂණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.

Latest News

More like this

සබීතාගේ බිල්ඩිම යළි කරලියට ! – රනිල් යලි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් !

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන සබීතා පෙරේරාට අයත් රාජගිරියේ පිහිටි...

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග සොයන්න ආරක්ෂක අංශ නිවසට යයි !

හිටපු අමාත්‍යවරයකු වූ ප්‍රසන්න රණතුංග සෙවීම සඳහා අල්ලස් හෝ...

ලතා වල්පොළගේ 91 වැනි උපන්දිනය සැමරීමට සජිත් එක්වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනි ලතා වල්පොළ මහත්මියගේ 91 වැනි ජන්ම...

ඉස්ලාමාබාද් අගනුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇත...
error: Content is protected !!