දඹුල්ල දුරකතන හොරකම සමාජ මාධ්‍යවලට දැමූ පුද්ගලයා නීතිය ඉදිරියට ගෙන යන්නැයි ඉල්ලීම්

දඹුල්ල නගරයේ ජංගම දුරකථන අලෙවිසැලකින් දුරකථනයක් හා උපාංග සොරකම් කිරීමට අදාළ තරුණියක් මවක හා තවත් දරුවෙකු ඇතුළත් වීඩියෝ පටය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පුළුල් ලෙස බෙදා හැරුණු වීඩියෝවේ සොරකම් කරන කාන්තාවන් දෙදෙනා සමඟ කුඩා ළමයෙකු ද සිටි අතර ඔහුගේ රුවද වීඩියෝවේ පටිගත වී තිබුණා.

දැනුවත්ව හෝ නොදැනුවත්ව සොරකම් කරන ළමයෙකුගේ වීඩියෝ පට සමාජ මාධ්‍යයට මුදා හැරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ඒ මහතා පෙන්වා දී තිබෙනවා.

එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථා පවතින බවත්
එවැනි පුද්ගලයන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කල යුතු බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...