අධිකරණය ඉදිරියේ ලබා දීමට ඇති රහස්‍ය ප්‍රකාශයක් මාධ්‍ය වටකරගෙන සැකකරු පාපෝච්චාරණය රටටම පෙන්වූ පොලිිසිටත් කේස්

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත’ සහ තවත් පුද්ගලයකුට මරු කැඳවමින් අතුරුගිරියේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් හත් දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

විත්තිකරුවන් බදාදා (10) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා අතුරුගිරිය පොලිසිය මඟින් සැකකරුවන් හත් දෙනෙකුට විරුද්ධව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ කරුණු වාර්තා කරනු ලැබුවා.

සඳුදා (08) වෙඩි තැබීමේ සිද්ධිය වූ අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැක කරයි.

මේ වන විට සිදු කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ටැටූ හිමිකරුට මෙම ඝාතනය සැලසුම් කිරීම සඳහා රුපියල් ලක්ෂ 10 මුදලක් ලැබී ඇති බවයි.

මීට පෙර අතුරුගිරිය පොලිසිය අදාළ ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු පස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.

ඒ අනුව අතුරුගිරිය පොලිසිය විසින් සැකකරුවන් පොලිසිය භාරයේ රඳවා රැඳවුම් නියෝග මත පැය 48 ක් රඳවා තබා ගැනීමට කඩුවල ගරු මහේස්ත්‍රාත්තුමියගෙන් ඉල්ලීමක් කළා.

මෙම නඩුවේ සැකකරුවන් වෙනුවෙන් පළවන සැකකරුවන දුලාජ් අත් අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය ප්‍රකාශයක් ලබා ගත් අතර එම ප්‍රකාශයට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉදිරියේ මාධ්‍ය කැඳවා ඔහුගේ පාපෝච්චාරණයක් මාධ්‍ය මඟින් විකාශය කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් විත්තිය නියෝජනය කරන්ස් නීතඥයින් සැකකරු වෙනුවෙන් ගරු අධිකරණයේ අවධානය යොමු කළා.

ඒ අනුව මාධ්‍යයේ පළ වූ ඒ වීඩියෝ දර්ශනවලට අදාළ ඡායාරූප අධිකරණය වෙත ලබා දිමට ද කටයුතු කර තිබෙනවා.

“ඒ අනුව මහේස්ත්‍රාත්තුමිය ඉතා පැහැදිලිව අපරාධ යුක්ති ක්‍රියාදාමයක් තුළ සැකකරුවෙක්ගෙන් ප්‍රකාශයක් ලබා ගන්න ඕන විදිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් කර තිබෙනවා.

කිසිම අවස්ථාවක සැකකරුගේ ප්‍රකාශයක් මාධ්‍යට සජීවිව හෝ පටිගත කළ දර්ශන මුදාහැරීමට කිසිම නෛතික ප්‍රතිපාදනයක් නැහැ.

ඒ අනුව මෙම මහේස්ත්‍රාත්තුමිය විශේෂයෙන් සඳහන් කළා මෙම නඩුවේ විවිධ අවස්ථාවන් හි දී මාධ්‍ය මැදිහත්වීමක් වෙලා තියෙනව කියලා.

පැමිණිල්ලට වගේම විත්තියටත් සාධාරණයක් වන අයුරින් විමර්ශන සිදුකළ යුතු බව අධිකරණය පැවසුවා.

ඒ අනුව සැකකරුවන් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්ණ කිරීම කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කිරීමක් කළා.

ඒ වගේම මහේස්ත්‍රාත්තුමිය ඉතා පැහැදිලිව පොලිසියෙන් ප්‍රශ්ණ කර සිටියා වැඩිදුරටත් පොලිසිය තුළ රඳවාගෙන ප්‍රශ්ණ කරන්න ඇයි ඉල්ලා සිටින්නේ කියලා.

ඒ සඳහා පොලිසිය පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැහැ.

ඒ අනුව අවශ්‍ය ප්‍රකාශ බන්ධනාගරය තුළ දී ලබා ගන්නත් කඩුවෙල මහේස්ත්‍රාත්තුමිය නියෝග කළා.

ඒ අනුව මේ මස 22 වැනිදා දක්වා සියලුම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇය නියෝග ලබා දී තිබෙනවා.”යැයි විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනු ලැබුවා.

තව ද ටැටූ ආයතනයේ හිමිකරු දුලාජ් නැමති පුද්ගලයා මහේස්ත්‍රාත්තුමිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබා දීමට අවශ්‍ය බව නීතිඥ මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ රහස් ප්‍රකාශය සම්බන්ධයෙන් කල්පනා කර බලා ඉදිරි දිනයක් ඒ සඳහා ලබා දෙන බවට ද මහේස්ත්‍රාත්තුමිය ප්‍රකාශ කර තිබෙනවා.

Latest News

More like this

LTTE යට උදව් කරපු කැනඩා අමාත්‍ය ගැරී ආනන්ද සංගරී ලොකු අමාරුවක වැටිලා…

එල්.ටී.ටී.ඊ සාමාජිකයකුට පුරවැසිභාවය ලබාගැනීම වෙනුවෙන් සහාය වී ඇති බවට...

බිරින්දෑවරු හා දරුවන්ද ඇතුළුව හිටපු මන්ත්‍රීවරුන්ට කෝටි 218ක විශ්‍රාම වැටුප් ගෙවලා

හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 174 දෙනෙකු සහ දරුවන් හත් දෙනෙකු...

උඩුකය නිරුවතින් ඇවිද්ද විදෙස් කාන්තාව පිරිමියෙක්

ආරුගම්බේ ප්‍රදේශයේදී උඩුකය නිරුවතින් ඇවිදනු ලැබූ කාන්තාවක් බව පවසමින්...

ලංකාවේ තරුණයින්ට දරු සිහිනය අත් හරින්න වෙයි.. UNFPA වාර්තාව

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් මෑතකදී නිකුත් කරන...
error: Content is protected !!