විරංජිත් තාඹුගලගේ බැංකු ගිණුමේ කෝටි 475 ක්

ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාගේ බැංකු ගිණුමට 2018 වසරේ සිට 2022 දක්වා කාලය තුළ රුපියල් මිලියන 4,757ක් (කෝටි 475.7) බැර වී ඇතැයි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (10) අනාවරණ වුණා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේදී මේ බව සඳහන් කළා.

පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක මුදලක් ලබාගෙන එය වංචා කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය ඉදිරියේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේ මේ කරුණු අනාවරණය වී තිබෙනවා.

එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ වැඩි දුරටත් කරුණු දක්වමින් පැවසුවේ මෙවැනි තත්ත්වයක් හමුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත කරන චෝදනා වල කිසිදු පදනමක් නැති බවයි.

තමාගෙන් අල්ලස් ගත් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් චෝදනා කළත් ඔහු ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හමුවේ හෝ කිසිදු පැමිණිල්ලක් කර නැති බව එහි දී සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...