ක්ලබ් වසන්ත ප්‍රභූන්ට ගණිකාවන් සපයා ඒවා වීඩියෝ කර කප්පම් ගත්තා.. හිටපු ජනපතිවරයෙකුත් උගුලට අහුවුණා

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගොස් සිටියදී වෙඩික්කරුවන් දෙදෙනෙකු අතින් මිය ගිය ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්‍ත පෙරේරා සැබෑම ව්‍යාපාරයක් ලෙස සිදු කළේ ගාණිකා ව්‍යාපාරය බව නිදහස් මාධ්‍යවේදී හිටපු හමුදා නිලධාරී කීර්ති රත්නායක පවසනවා.

ඔහු ඒ ආශ්‍රයෙන් මෙරට ඉහල පෙලේ දේශපාලඥයන් ව්‍යාපාරිකයන්ගෙ කප්පම් ගැනීම සිදුකළ බව ද ඔහු සඳහන් කරනවා.

ඒ ප්‍රභූ පුද්ගලයින්ට කාන්තාවන් සපයා ඒවා රහසිගතව වීඩියෝ කර පෙන්නමින් මුදල් ලබා ගැනීමයි.

ඔහුගේ මෙම කටයුත්තට මෙරට හිටපු ජනාධිපතිවරයෙක්ද හසුව සිටි බවත් ඔහු සඳහන් කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු ජාවාරම් රැසකට වසන්ත පෙරේරා සම්බන්ධ බවත් ඔහු කියා සිටියා.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්කමින් හෙතෙම මෙම අදහස් පළ කළා.

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...