කංජිපානි සහ ලොකු පැටීගේ ඊළඟ ඉලක්කය ජනප්‍රිය ගායකයෙක් සහ නළුවෙක්

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය සැලසුම් කළ බව කියන මේ වන විට ප්‍රංශයේ සහ ඩුබායි යන රටවල සැඟවී සිටින කංජිපානි ඉම් රාන් සහ ලොකු පැටී යන පාතාල නායකයින් දෙදෙනාගේ ඝාතන සැලසුම් ලැයිස්තුවේ ජනප්‍රිය ගායකයකු සහ රංගන ශිල්පියෙකු සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා.

ඔවුන් දෙදෙනා ද ඇතුළු හත් දෙනෙක් ඔවුන්ගේ මීළඟ ඝාතන සැලසුම්වලට ඇතුළත් වී ඇති බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

ජනප්‍රිය ගායකයා සහ රංගන ශිල්පියා ඇතුළු මෙම පිරිස පාතාලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබා ගෙන ඒවා යළි ලබා නොදීම මෙම ඝාතන සැලසුම්වලට හේතු වී තිබෙනවා.

ඔවුන්ගේ ඝාතන ලැයිස්තුවේ සිටින බව කියන ගායකයා සහ රංගන ශිල්පියා ඇතුළු කිහ්ප දෙනෙකු මීට වසර කිහිපයකට ඉහටහ දී පාතාල පාර්ශවයක් සම්න්විධානය කළ උත්සවයකට සහභාගී වීමට ඔවුන් සැඟව සිටින රටට ද ගොස් ඇති බව සඳන්.

මෙම ඝාතන සැලැස්ම පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතාගෙන් මාධ්‍ය කළ විමසුමක දී එවැනි ආරංචියක් පැතිර යමින් පවතින බව ඔහු ද සඳහන් කර තිබෙනවා.

පොලිස් බුද්ධි අංශ යොදවා මෙම ඝාතන සැලැස්මේ ඇත්ත නැත්ත දැන ගැනීම සඳහා සොයා බැලීමක් කරන බව තල්දූව මහතා සඳහන් කළා.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...