භාණ්ඩාගාර ලේකම්ගේ ඔළුව බිත්තියේ ගැහුවත් ඒ මනුස්සයා මුදල් දෙන්නේ කොයි ලොකෙන්ද? දුම්රිය නිලධාරීන්ට හෙණ ගහනවා

අතේ සතේ නැතුව සීසන් ටිකට් එකෙන් රාජකාරීවලට යන මිනිසුන් සහ පාසල් දරුවන් මහමඟ පීඩනයට ලක් කරන දුම්රිය නිලධාරීන්ට සහගහන බව ප්‍රවාහන හා ජන මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

උද්ඝෝෂකයින් භාණ්ඩාගාර ලේකම් අල්ලගෙන එතුමාගේ ඔළුව බිත්තියේ හැප්පුවත් ඒ මනුස්සයා මුදල් දෙන්නේ කොයි ලෝකයෙන්දැයි අමාත්‍යවරයා විමසා සිටියා.

ඒ ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී සුරාබදු ආඥා පනත යටතේ නිවේදන පිළිබඳ පැවති විවාදය අතරතුර ප්‍රකාශයක් කරමිනි.

“භාන්ඩාගාර ලේකම්ගේ ඔළුව බිත්තියේ හැප්පුවත් ඒ මනුස්සයා මුදල් දෙන්නේ කොහොමද? ඉබ්බන්ට පිහාටු දෙන්න පුළුවන් ද?

ඉල්ලිම් තියෙනවා නම් පුළුවන් හැම දෙයක්ම කරලා දෙන්නම්. වර්ජනය කරන්න එපා.මිනිස්සු අමාරුවේ වැටෙනවා කියලා මං ඒ අයට වැඳලා කිව්වා. සීසන් ටිකට් එක අරෙගන ඇවිල්ලා අතේ සතේ නැතිව අතරමං වෙන අතරමංවිල්ලට තමුන්නාන්සේලාට සහගහනවා. මේක කරන්න එපා කියලා මව කිව්වා.

පුළුවන් හැම දෙයක්ම විසඳුවා. දැන් මේක අත්‍යාවශ්‍ය සේවයක් කරලා තියෙන්නේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ටත් අවුරුදු පහෙන් පහට උසස් වීම් දෙන්න කියලා මම කැබිනට් මණ්ඩලයටම ලිව්වා. අපි මේ ගන සාකච්ඡා කළා. එහම කරලා තියෙද්හී හත වෙද්දි වර්ජනය කළා. මම මේ අන්තවාදීන්ගේ අසූ අටේ සෙල්ල්ලම දැනගෙන මේ කියන්නේ.”

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...