ඇල්ලෙන් වැටී මිය ගොස් ඇත්තේ 19 හැවිරිදි ප්‍රංශ ජාතික යුවතියක්

ඇල්ල පල්ලේවෙල දිය ඇල්ල නැරඹීමට ගොස් සිය පෙම්වතා සමග දිය ඇල්ලේ ගල්පර්වතයකට නැග ඡායාරූප ගැනීමට යාමේදී ඉන් ලිස්සා අඩි 200ක් පමණ පහළට ඇද වැටී මිය ගොස් ඇත්තේ ප්‍රංශ ජාතික තරුණියක් බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මොනික්වි යාකෝට් ඩර්කේන් නැමැති 19 හැවිරිදි තරුණියක්.

පසුගිය 25 වැනිදා ඇය මෙරටට සංචාරයක් සඳහා සිය පෙම්වතා සමග පැමිණ ඇති බවත් පසුව ඔවුන් ඇල්ල ප්‍රදේශට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එසේ පැමිණි මොවුන් දෙදෙනා තවත් විදේශීය සංචාරක යුවලක් සමග ඇල්ල දිය ඇල්ල නැරඹීමට ගොස් ඇති අතර එහිදි ගල් පරයක් උඩ නැගී ඡයාරූප ගැනීමේදි ඇය ඉන් ලිස්සා ගොස් තිබෙනවා.

මෙහිදී වහා මැදිහත් වූ ගම්වාසීන් මහත් වෙහෙසක් දරා ඇයව ප්‍රපාතයෙන් උඩට ගෙන විත් වහාම වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදි දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදියි ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...