තාරා දේවි යළි ලංකාවට

දැනට එක්සත් රාජධානියේ කෞතුකාගාරයක තිබෙන මෙරටට අයත් පුරාවස්තුවක් වන තාරා දෙව්දුවගේ පිළිමය නැවත ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ජාතික පුරා විද්‍යා දිනය නිමිත්තෙන් පැවැති පුරා විද්‍යා සමුළුවේ සමාරම්භක උත්සවයෙන් පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණ වලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

තාරා දෙවී පිලිමය යනු ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ක්‍රි.ව 8 වන සියවසට අයත් බවට කාල නිර්ණය කර ඇති තාරා දේවි බෝධිසත්ත්වයවරියගේ රන් ආලේපිත ලෝකඩ පිලිමයකි.

19 වන සියවසෙහි හමුල් අවදියෙහි අහම්බෙන් හමුවී ඇති මෙම පිළිමය 1830දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත බාර දී ඇත්තේ ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් විසිනි.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...