අවසන්‍ තීන්දුව එයි.. පොහොට්ටුවේ ජනපති ධම්මික, අගමැති රනිල්

එළැඹෙන ජනාධිපතිවරණයට අදාළව පොදු ජන පෙරමුණේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දුවක් ගැනීමට එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා.

එහි දී බැසිල් හා මහින්ද රනිල්ගෙන් දිගින් දිගටම විමසා ඇත්තේ සමගි ජන බලවේගයෙන් රැගෙන එන බව පැවසූ මන්ත්‍රීවරුන් 20 දෙනා සම්බන්ධවයි.

පොදු ජන පෙරමුණ සිය අපේක්ෂකත්වය ලබා දීම සඳහා මීට පෙර වත්මන් ජනාධිපතිවරයා වෙත කොන්දේසියක් ඉදිරිපත් කර තිබු අතර එම කොන්දේසිය වුයේ අපේක්ෂකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 20 ක් මේ පිළට රැගෙන ආ යුතු බවයි.

ජනාධිපතිවරයා කැට තබා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද සම්බන්ධවන බවත් හෙට සම්බන්ධ වන බවත් ප්‍රකාශ කළ ද මේ වන විටත් සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයකු රැගෙන ඒමට ජනාධිපතිවරයා සමත් වී නැහැ.

කෙසේ වෙතත් මෙහි දී ජනාධිපතිවරයා ඒ සඳහා තවත් දින කිහිපයක් ලබා දෙන ලෙසත් ජුලි 29 දක්වා ඊට කල් ලබා දෙන ලෙසත් බැසිල් සහ මහින්දගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව ලබන 29 දක්වා පමණක් ඒ සඳහා කල් දෙන බවත් ඉන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ අවසන් තීන්දුවට එළැඹීම අනිවාර්යයෙන් සිදු කරන බව මෙහි දී සඳහන් වුණා.

ජනාධිපතිවරයාට ඒ දක්වාම අදාළ කොන්දේසිය සපුරා ගැනීමට නොහැකි වුවහොත් ජනාධිපති අපේක්ෂකත්වය ධම්මික පෙරේරාටත්, අගමැති අපේක්ෂකත්වය රනිල් වික්‍රමසිංහ වෙතත් ලබා දෙන බවට එකඟතාවයට ද ඔවුන් මෙහි දී එළැඹ තිබෙනවා.

පෙර ලිපි..
මං ජනාධිපතිවරණයට ලෑස්තියි.. දින 60න් රට හදන විදිය කියන්නම්

පොහොට්ටු අපේක්ෂක ධම්මික පෙරේරාගේ ප්‍රචාරණ මෙහෙයුම් වේගවත් වේ.. උතුරෙත් පිට්ටනි පිරෙන්න සෙනග ඇවිත්

පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක ධම්මික.. අගමැති අපේක්‍ෂක නාමල්..

Latest News

More like this

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...