උතුරේ තීව්‍ර කරන ලද මෙහෙයුම් මධ්‍යයේ ඊශ්‍රායල හමුදාව ගාසා නගරයේ සියලුම වැසියන්ට ඉවත් වන ලෙස දන්වා තිබෙනවා.
ඊශ්‍රායලය ගුවන් යානා මගින් හෙළන ලද පත්‍රිකා තොගයක් ඔස්සේ “අන්තරායකර සටන් කලාපයක්” ලෙස දන්වා ඇති අතර දකුණෙන් මධ්‍යම ගාසා තීරයට පිටත්ව යන ලෙස දැනුම් දී තිබෙනවා.
එම විස්තර පත්‍රිකා මඟින් උපදෙස් ලබා දී ඇත්තේ විස්තර කර ඇති ආරක්ෂිත මාර්ග හරහා ගාසා නගරයේ සිටින සෑම කෙනෙක්ම ඉවත්ව යා යුතු බවයි.
Deir al Balah සහ al-Zawaida හි නවාතැන් වෙත යන මාර්ග දෙකක් එහි සලකුණු කර ඇති බවයි සඳහන් වන්නේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත්තේ මෙම ඉවත් කිරීමේ නියෝග ලබා දීම පිළිබඳව සංවිධානයේ දැඩි කණස්සල්ල පළ කරන බවයි.
යුද්ධය ආරම්භ වීමෙන් පසු ගාසා නගරය සමස්තයක් ලෙස ඉවත් කරන ලෙස ඉල්ලා සිටින දෙවන අවස්ථාව මෙයයි.
පසුගිය සති දෙක තුළ, හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් වසර ආරම්භයේ සිට නැවත සංවිධානය වී ඇති බව විශ්වාස කරන දිස්ත්‍රික්ක කිහිපයකට ඊශ්‍රායල හමුදා යළි ඇතුළු වී තිබුණා.
හමාස් පවසා ඇත්තේ නගරය තුළ ඊශ්‍රායලයේ අලුත් ක්‍රියාකාරකම් හේතුවෙන් කටාර්හි බදාදා යළි ආරම්භ වූ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමේ ගණුදෙනුවලට ද මෙය තර්ජනයක් බවයි.
මෙම සාකච්ඡා ඊජිප්තුව, අමෙරිකාව සහ ඊශ්‍රායලය යන රටවල බුද්ධි අංශ ප්‍රධානීන් මෙන්ම කටාර් අගමැතිගේ ද සහභාගීත්වයෙන් යුතුව පසු ගිය දා යළි ආරම්භ වුණා.