ක්ලබ් වසන්ත ඝාතන සැලසුම අනුරගේ ජීවිතයටත් තර්ජනයක්.. බරපතල අනතුරු ඇඟවීමක්

ක්ලබ් වසන්ත ඝාතන සිදුවීම සමඟ අනුර කුමාර දිසානායක මහතා දේශපාලන වශයෙන් තර්ජනයක් විය හැකි කණ්ඩායම්ද මේ අයුරින් සැලසුම් සහගත ලෙස ඝාතන සැලසුම් දියත් කිරීමේ ඉඩක් ඇති බව ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ශ්‍රී ලාල් ප්‍රියන්ත මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ යූ ටියුබ් නාළිකාවක් සමඟ සංවාදයක් අතරතුරයි.

එමෙන්ම අතුරුගිරියේ සිදු වූ වෙඩි ප්‍රහාරය අතරතුර ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සමග ඝාතනය වූ අනෙක් පුද්ගලයා වන නයන වාසුල නැමැත්තාගේ ගිණුමක රු ලක්ෂ 600 ක මුදලක් තිබී සොයා ගෙන ඇති බව ද ඔහු මෙම සංවාදය අතරතුර ප්‍රකාශ කළා.

ගම්පහ මහානාම නමින් පැවිදිව සිටි මෙම පුද්ගලයා රුවන්වැල්ල ගෝනගල්දෙනිය වහරක දම්සක් විහාරයේ විහාරාධිපති ලෙස සිට ඇති බවත් මිය ගිය මොහොත වන විට කේ සුජීවා මහත්මියගේ සැමියා ලෙස ලෙස සිට ඇති බවයි ඔහු පවසන්නේ.

මියගිය නයන වාසල එදිරිසූරිය නම් පුද්ගලයා පැවිදි සමයේ ජනප්‍රිය ධර්ම කථිකයෙකු වී ඇති අතර කොරෝනා සමයෙන් පසු ඇති කර ගෙන තිබු පුද්ගලික හිතවත් කමක් මත උපැවිදි වී කේ සුජීවා නමැත්තිය සමඟ දිවි ගෙවා තිබෙනවා.

ඔහු පැවිදි සමයේ ධර්මදේශනා තුළින් විශාල ධනස්කන්ධයක් උපයාගෙන ඇති බවද ඔහු භාවිත කර තිබෙන්නේ ද නවීන මෝටර් රථයක් බවද මේ වන විට අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...