වැඩ වර්ජනය නතර නොකළ දුම්රිය නිලධාරීන් 1000කගේ අස්වීම් ලිපි මුද්‍රණයේ

දුම්රිය වර්ජනයට සහභාගි වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට සේවය හැර යෑමේ ලිපි සූදානම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසා තිබෙනවා.

එම සේවය හැර යෑමේ ලිපි මේ වන විට මුද්‍රණය සඳහා යොමුකර ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළා.

දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකයන් සහ දුම්රිය උප ස්ථානාධිපතිවරු ඊයේ (10) සිට ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ඊයේ දහවල් දොළහ දක්වා ඔවුන්ට නැවත සේවයට පැමිණෙන ලෙස දෙපාර්තමේන්තුව දන්වා තිබුණා

Latest News

error: Content is protected !!