හිටපු ISIS නායක අබු බකර් අල් බග්දාදිගේ බිරිඳ එල්ලා මැරීමට නියෝග

මරා දමන ලද ඉස්ලාමීය රාජ්‍ය නායක අබු බකර් අල්-බග්දාදිගේ බිරිඳට ඉරාක අපරාධ අධිකරණයක් බදාදා (ජූලි 10) මරණ දඬුවම නියම කළා.

ISIS කණ්ඩායම සමඟ කටයුතු කිරීම සහ සුළුතර ජන කොටසක් වන යසීඩි කාන්තාවන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී ඇති බව එම කාන්තාවගේ නම සඳහන් නොකර එරට අධිකරණය පවසා තිබෙනවා.

මාධ්‍ය වාර්තා ඇයව හඳුනාගෙන ඇත්තේ අසාමා මොහොමඩ් ලෙසයි.ඇය බහු විවාහක බග්දාඩිගේ ගේ පළමු බිරිඳ ලෙස සැලකෙනවා.

“මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යසීඩි ජනතාවට එරෙහි ජන සංහාරය සහ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට දායක වීම සම්බන්ධයෙන්” බග්දාදිගේ බිරිඳට එල්ලා මරණ දණ්ඩනය නියම කර ඇති බව අධිකරණ නිලධාරියෙක් රොයිටර් වෙත පවසා තිබෙනවා.

2019 නොවැම්බරයේදී තුර්කිය බග්දාදිගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව නිවේදනය කළා. 2024 පෙබරවාරියේදී ඉරාකය කියා සිටියේ තමන් බග්දාදිගේ පවුලේ අය නැවත ගෙන්වා ගන්නා බවයි.

වාර්තා වන පරිදි, අස්මා සහ ඇගේ දරුවන් මෙම නැවත ගෙන්වා ගැනීමේ කොටසක්.

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ලෙස කටයුතු කරන අතරතුර උතුරු සිරියාවේ එක්සත් ජනපද විශේෂ බලකාය විසින් කරන ලද වැටලීමකදී 2019 නොවැම්බර් මාසයේදී අබු බකර් අල්-බග්දාදි ඝාතනය කරනු ලැබුවා.

Latest News

More like this

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...
error: Content is protected !!