ටැටූකරුගේ පාපෝච්චාරණය මාධ්‍යට ප‍්‍රසිද්ධ කිරීම ගැන ඇමති ටිරාන්ගෙනුත් දොස්

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන ටැටූ ආයතන හිමිකරුගේ පාපෝච්චාරණය වීඩියෝ කර මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ කිරීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ සිදුකරන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසනවා.

පොලිසිය මේ ආකාරයට සැකකරුවකුගෙන් කටඋත්තර ගැනීම තමා කිසිසේත් අනුමත නොකරන බවද මින් ඉදිරියට මෙවැනි ක‍්‍රියා සිදුකිරීමට ඉඩ නොතබන බවද ටිරාන් අලස් ඇමැතිවරයා පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ දී ද දැඩි ලෙස කතාබහට ලක් වුණා.

Latest News

error: Content is protected !!