පොහොට්ටුවේ තවත් 2ක් සජිත්ට ළංවේ

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් වන ලලිත් එල්ලාවල සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහයෝගය දක්වන බව ඊයේ (11) දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවා.

එම මන්ත්‍රීවරුන් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන මන්තී‍්‍රවරුන් ලෙස කටයුතු කරනු ලබයි.

“හොරු නොවන අපි” ලෙස නව සන්ධානයක් ද ආරම්භ කරන බව මෙහිදී ලලිත් එල්ලාවල මහතා සඳහන් කර තිබෙනවා.

මේ අතර නිදහස ජනතා සභාවේ සාමාජික මහාචාර්ය චරිත හේරත් මහතාට සමගි ජන බලවේගය කුරුණෑගල කටුගම්පොළ සමගි ජන බලවේගය ආසන සංවිධායක ධුරය ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ගෙන තිබෙනවා.

2015 පැවැති මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙසත් 2020 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂකයකු ලෙසත් ඉදිරිපත් වූ නීතිඥ ක‍්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක්ව තිබුණා.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...