ජනප්‍රිය BBC ක්‍රීඩා විස්තර විචාරකයාගේ බිරිඳ සහ සුරූපී දියණියන් දෙදෙනා දුන්නකින් විඳ ඝාතනය කෙරේ

BBC ප‍්‍රවෘත්ති සේවයේ සජීවී අශ්ව ධාවන තරග විස්තර විචාරකයකු වන ජෝන් හන්ට් ගේ බිරිඳ වන 61 හැවිරිදි කැරොල් හන්ට් සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනෙකු වන 25 හැවිරිදි ලුයිස් සහ 28 හැවිරිදි හනා Heartfordshire හි Bushey හි පිහිටි ඔවුන්ගේ නිවසේ දී හරස් දුන්නකින් විද පසුගිය 09 වැනිදා අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඔවුන්ව ඝාතනය කළ බවට සැක කෙරෙන 26 හැවිරිදි කයිල් ක්ලිෆඞ් නැමැත්තා සොයා ඉකුත් අගහරුවදා සවස සිට පොලිසිය විසින් දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබූ අතර ඔහුව පෙරේදා (10)දා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා පවසනවා.

සමූල ඝාතන කලාතුරකින් සිදු වන එංගලන්ත සමාජයමෙම ත්‍රිපුද්ගලකාන්තා ඝාතනය හමුවේ සසල වී ඇති බවයි වාර්තා පවසන්නේ.

ලුයිස්ගේ හිටපු පෙම්වතා වන 26 හැවිරිදි කයිල් ක්ලිෆර්ඩ් උතුරු ලන්ඩනයේ සුසාන භූමියක හිස් ගල් අතර සැඟවී සිටියදී සොයා ගනු ලැබුවේ පැය 24ක සන්නද්ධ පොලිස් මෙයුමකින් අනතුරුවයි.

ඔහු එම දුන්න තමාටම එල්ල කරගනිමින් සිය දිවි හානි කර ගැනීමට උත්සහ කර ඇති බවත් මේ වන විට ප්‍රධාන රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව වාර්තා වෙනවා.

ඝාතනය වූ අවස්ථාවේ එක් දියණියක් 999 අමතා අපරාධකරු එම ස්ථානයෙන් පලා යාමට පෙර ඒ බව දැනුම් දී ඇති බව ද වාර්තා පවසනවා.

අඟහරුවාදා සවස 6.30 ට පමණ, අසල්වාසීන්ට කෑගැසීම් ඇසී ඇති අතර එය දරුවන් හඬන හඬක් යැයි සිතා අසල්වාසීන් විසින් බැහැර කර ඇති බවයි පැවසෙන්නේ.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...