ක්ලබ් වසන්තගේ දේහය එළියට දමන්නැයි ඩුබායි පාතාලයෙන් මල් ශාලාවටත් තර්ජන

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය මේවන විට තැන්පත් කර ඇති කොළඹ, බොරැල්ලේ මල්ශාලාවට තමන් කංජිපානි ඉම්රාන් බව අඟවමින් පුද්ගලයෙක් තර්ජනය කර තිබෙනවා.

ක්ලබ් වසන්තගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා එහි තැන්පත් නොකරන ලෙස එම තැනැත්තා තර්ජනය කර ඇතිබවයි පොලිසිය පවසන්නේ.

එලෙස කළහොත් මෘත ශරීරයට මෙන්ම මල්ශාලාවට ද වෙඩි තබන බවට අදාළ පුද්ගලයා තර්ජනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මල්ශාලාවේ කළමනාකරු ඊයේ (11දා) පෙරවරුවේ බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ද සිදු කළා.

බොරැල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ, විදෙස් රටකින් අදාළ දුරකතන ඇමතුම ලැබී ඇති බවයි.

අනතුරුව එම මල්ශාලාවේ ආරක්ෂාවට පොලීසිය යෙදවීමට ද කටයුතු කළ බව පොලිසිය පවසනවා.

ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳව අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...