මාළිමාවේ තවත් ජයග්‍රහණයක්.. ලක්ෂ්මන් යාපා දීපු පත්වීම් අවලංගු කරයි

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් පළාත් පාලන ආයතන සඳහා පොහොට්ටුවෙන් තේරී පත්වූ හිටපු සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් වෙත ලබාදුන් පත්වීම් අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා.

“සංවර්ධන කටයුතු අධීක්ෂණ නියෝජිතයන්” ලෙස නම් කරමින් ලබාදුන් මෙම පත්වීම් වලට එරෙහිව ජාතික ජන බලවේගය විසින් පසුගිය 02 වෙනිදා මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කරනු ලැබුවා.

පළාත් පාලන අපේක්ෂකයින් ආණ්ඩුකාරවරුන්ගේ සම්බන්ධීකාරක නියෝජිත ලෙස පත් කිරීම මගින් මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට එදින පෙරවරුවේ ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නීතිඥ සුනිල් වටගල මැතිවරණ කොමිසම හමු වුණා.

එහිදී මේ පිළිබඳව ඔවුන් විසින් කොමිසම වෙත ලිඛිතව ම දැනුම් දෙනු ලැබුවා. ඉන් අනතුරුව තවත් සිවිල් සංවිධාන මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කළා.

එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික මැතිවරණ කොමිසම විසින් ආණ්ඩුකාරවරුන් වෙත දන්වා තිබුණේ එසේ දී ඇති පත්වීම් අවලංගු කරන ලෙසයි.

ඊට අමතරව ලබාදීමට සූදානම් කර ඇති පත්වීම් පිරිනැමීමෙන් වලකින ලෙසත් පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දුන් බව ඔවුන් කියා සිටියා. ඒ සමබන්ධව ජනාධිපති ලේකම්වරයාටද ජාතික මැතිවරණ කොමිෂන් සභාව ලිඛිතව දැනුම් දී තිබුණා.

ඉන් අනතුරුවයි දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් ලබාදුන් එම පත් කිරීම් හකුළා ගෙන ඇත්තේ.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා එම ඉවත් කර ගැනීම් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...