මැලේසියාවේ ගණිකා ජාවාරම් වැටලීමක දී අත්අඩංගුවට ගත් 88 දෙනා අතර ලාංකිකයෙක්

මැලේසියානු ආගමන විගමන බලධාරීන් Ipoh නගරයේ ස්ථාන තුනකදී ලිංගික ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා සිදුකළ වැටලීමක් අතරතුර ශ්‍රී ලාංකිකයකු ද ඇතුළු ඇතුළු විදේශිකයන් 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙනවා.

අඟහරුවාදා සහ බදාදා ලිංගික සේවා සපයන බවට සැක කෙරෙන හෝටලයක සහ විනෝදාස්වාද ස්ථාන දෙකක මෙම සෝදිසි කිරීම් සිදු කරනු ලැබුවා.

Perak හි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ අත්ඩංගුවට ගත් කණ්ඩායමේ වයස අවුරුදු 21 ත් 46 ත් අතර වයස්වල පසුවන කාන්තාවන් 78 ක් සහ පිරිමින් 10 ක් ඇතුළත් වන බවයි.

අත්අඩංගුවට ගත් අයගෙන් 64 ක් තායි ජාතිකයන් වන අතර සෙසු පුද්ගලයින් අතර වියට්නාම ජාතිකයන් 13 ක්, නේපාල ජාතිකයන් 4 ක්, ඉන්දියානුවන් 3 ක්, බංග්ලාදේශ ජාතිකයන් 3 ක් සහ එක් ශ්‍රී ලාංකිකයෙක් ද සිටින බව වාර්තා පවසනවා.

රැඳවියන් විවිධ වැරදිවලට චෝදනා ලබා ඇති නමුත් චෝදනා පිළිබඳ විස්තර වැඩිදුර වාර්තා වී නැහැ.

Perak ප්‍රාන්තයේ අගනුවර වන Ipoh, තායි දේශ සීමාව සහ ක්වාලාලම්පූර් අතර දළ වශයෙන් අඩක් පමණ දුරින් පිහිටි නගරයකි.

මෙම මෙහෙයුම සතියකට අඩු කාලයකදී තායිලන්ත ජාතිකයින් සම්බන්ධ ගණිකා වෘත්තියට එරෙහි එරට බලධාරින් සිදු කළ දෙවැනි වැටලීමයි.

පසුගිය සිකුරාදා මැලේසියාවේ අගනුවර සහ අසල්වැසි සෙලන්ගෝර් ප්‍රාන්තයේ සිදුකළ වැටලීම්වලින් තායි කාන්තාවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...