ඩුබායි සිට කොළඹ බලා ආ විදෙස් ගුවන් යානයේ සිටි ශ්‍රී ලාංකික කත ගුවනේදීම ජීවිතක්ෂයට

ඩුබායි සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ විදේශීය ගුවන් යානයක් තුළ සිටි 57 හැවිරිදි ශ්‍රී ලාංකීක කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇයට ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ගුවන් යානය කරච්චි ගුවන් තොටුපළ වෙත හදිසියේ ගොබස්වා ඇති බව සඳහන්.

මෙම කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ගුවන් යානය අතරමගදී වෛද්‍ය ආධාර ලබාගැනීම සඳහා ගුවන් යානය හදිසි ගොඩබෑමක් සඳහා ගුවන් යානයේ කපිතාන්වරයා විසින් කරච්චියේ ගුවන් ගමනාගමන පාලක මැදිරියෙන් ඉල්ලා තිබුණා.

ගොඩබෑමෙන් අනතුරුව එරට සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෛද්‍යවරු මගියා පරීක්ෂා කිරීමට යානයට ගොඩ වූ බව සඳහන්.

කෙසේ වෙතත් ඔවුන්ගේ උත්සාහය ව්‍යාර්ථ වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ගුවන් තොටුපළේ ස්ථානගත කර ඇති සෞඛ්‍ය නිලධාරියා විසින් කාන්තාව සඳහා මරණ සහතිකයක් නිකුත් කර තිබෙනවා.

අවශ්‍ය විධිවිධාන සම්පූර්ණ කිරීමෙන් පසු ඇයගේ දේහය රැගත් ගුවන් යානය කරච්චි ගුවන් තොටුපළෙන් කොළඹ, එහි මුල් ගමනාන්තය වෙත පිටත් වූ බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...