ලොව ප්‍රථම AI රූ රැජිණ මොරොක්කෝවෙන්

මොරොක්කෝවේ සිට පැමිණි හිජාබය පළඳින කෙන්සා ලයිලි (Kenza Layli), ලොව ප්‍රථම AI රූ රැජින බවට පත්ව සිටිනවා.

නිව්යෝර්ක් පෝස්ට් වාර්තා කළ ආකාරයට ඇය මෙම කිරුළ දිනා ගනු ලැබුවේ පරිගණක ආශ්‍රිත නිරූපිකාවන් 1,500කට අධික ප්‍රමාණයක් දැඩි තරගයකින් පරාජය කරමින්.

මෙහි දී කරුණාව ප්‍රවර්ධනය කරමින් ප්‍රංශයේ ලලිනා වලිනා (Lalina Valina) දෙවන ස්ථානය හිමිකරගත් අතර සත්‍ය සහ කෘත්‍රිම ලෝකය අතර සුහද සහජීවනය වෙනුවෙන් පෙනී සිටින පෘතුගාලයේ ඔලිවියා සී (Olivia C) තෙවැනි ස්ථානයට පත් වුණා.

ඇයගේ ප්‍රීතිය ප්‍රකාශ කරමින් ලයිලි , “මනුෂ්‍යයන්ගේ හැඟීම් මා අත්විඳින්නේ නැති නමුත් මෙම ජයග්‍රහණය ගැන මම සැබවින්ම සතුටට පත් වෙමි.”යයි පවසා තිබෙනවා.

ඇය මොරොක්කොවේ ආහාර, සංස්කෘතිය, විලාසිතා, රූපලාවන්‍ය සහ සංචාර ඇතුළත් විවිධාකාර අන්තර්ගතයන් සඳහා ප්‍රසිද්ධියට පත් වූ බලපෑම් කරන්නියක් ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

ඇයට Instagram හි 199,000 කට වඩා සැලකිය යුතු අනුගාමිකයන් පිරිසක් සිටින බව සඳහන්.

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...