සජබයේ කැලණිය ආසන සංවිධායක තනතුර ෆොන්සේකාගෙන් නාලක ගොඩහේවාට

සමගි ජන බලවේගයේ කැලණිය ආසනයේ ප්‍රධාන සංවිධායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවාට ලබා දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ කැලණිය ආසනය සඳහා වත්මන් සංවිධායක ධුරයේ කටයුතු කරමින් සිටියේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාය.

කෙසේවෙතත් මේ වන විට සරත් ෆොන්සේකා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර පවතින විරසකය හේතුවෙන් ෆොන්සේකා එරෙහිව නාලක ගොඩහේවා පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

නාලක ගොඩහේවා මහතා මීට පෙර පොදු ජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග වැදුණා.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද 325,479 ක් ලබා ගනිමින් මනාප ඡන්ද ප්‍රතිඵල ලැයිස්තුවේ අංක එකට පත් වූයේ නාලක ගොඩහේවා වන අතර සරත් ෆොන්සේකා මහතාට ලබා ගැනීමට හැකිවුණේ ඡන්ද 110,555 ක් පමණි.

වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන හා ජනප්‍රිය දේශපාලන චරිත මැතිවරණ ඉලක්ක කරගෙන ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදීම හා ජයග්‍රහණය කිරීම මහ මැතිවරණයක් ආසන්න වන විට සුලබ දේශපාලන තත්ත්වයකි.

දශක ගණනාවක පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කඳාන නියෝජනය කළ ශ්‍රී පති සූරිය ආරච්චි කැලණිය ආසනයට රැගෙන ආ අතර කොළඹ නියෝජනය කළ මර්වින් සිල්වා, කළුතර සිටි චතුර සේනාරත්න, කොළඹ නියෝජනය සරත් ෆොන්සේකා කැලණියට ගෙන ඒමත් උපේක්ෂා ස්වර්ණමාලි ගම්පහ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යාමත් ඒ සඳහා උදාහරණ කිහිපයකි.

Latest News

More like this

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...

ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම හේතුවෙන් වෛද්‍ය බෙල්ලනගේ වැඩ තහනම්…

ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රුක්ෂාන්...

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...