වසන්තගෙ කන බොන පාටිවල පස්සෙන්ම හිටිය මැරුණට පස්සෙ ශෝක පණිවිඩයක්වත් නොතැබූ කුචීටයි බුචීටයි හතර වටෙන්ම නෙළයි

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් තුළ දී ඝාතනය වූ ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය සමඟ “Kuchi and Buchi” නම් යූ ටියුබ් නාළිකාව පවත්වාගෙන යන යුවළකට සමාජ මාධ්‍ය විරෝධයක් මතුවී තිබෙනවා.

ඒ ක්ලබ් වසන්ත ජීවතුන් අතර සිටිය දී ඔහු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ මෙම යුවළ ඔහුගේ ඝාතනයෙන් පසු ඊට ප්‍රතිචාර දක්වා ඇත් ආකාරය හේතුවෙන්.

ඔවුන් මේ වනතෙක් සිය සමීපතමයා පිළිබඳ ශෝකය ප්‍රකාශ කිරීමක් සිදු කර නොමැති අතර ඔහු සමඟ සිටි අවස්ථාවල වීඩියෝ හා පෝස්ට් සමාජ මාධ්‍යවලින් ඉවත් කිරීමට ද මේ වන විට කටයුතු කර ඇති බව විරෝධතා දක්වන්නන් පවසනවා.

මෙම යුවළ පසුගිය වකවානුවේ ක්ලබ් වසන්තගේ සමීපතමයින් ලෙස හැසිරුණු අතර ඔහුගේ අවසාන උපන්දින සාජ්ජය වූ 55 වැනි උපන්දින සාදයට ද සහභාගී වී සිටියා.

එමෙන්ම ඔහු විශාල ලෙස මුදල් වීසි කරමින් පැවැත්වූ “සන්ඩේ ෆන්ඩේ” නමින් පැවැත්වූ සති අග සාදවල ද මොවුන් කැපී පෙනුණා.

ඔවුන් මේවන විට විදෙස් සංචාරයක සිටින බව පවසන අතර ක්ලබ් වසන්තගේ මළගෙදරට යන්නේ නැද්දැයි සමාජ මාධ්‍යවලින් විමසන අයට එන්න ඕනනම් අපට ටිකට් එවන්නැයි පවසා ඇති බව ද සඳහන් වුණා.

ඔවුන්ගේ යූ ටියුබ් නාළිකාව ප්‍රසිද්ධ වී ඇත්තේ විවිධ හෝටල් සහ අවන්හල්වලට ගොස් ඔවුන් ආහාර පාන ගන්නා ආකාරය වීඩියො කර මුදා හරින නාළිකාවක් ලෙසයි.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ සාදවලදී ද ඔවුන් යහමින් ආහාර පාන ලබා ගන්නා දර්ශන දැක ගත හැකි වූ අතර බොහෝ දෙනෙක් පවසා ඇත්‍තේ මළගෙදරට නාවට හත්දවසේ, තුන්මාසෙ දානයන්ට ඔවුන් අනිවාර්යයෙන් සහභාගී වනු ඇති බවයි.

Latest News

More like this

උමා ඇළට පිරිත් පැන් දැමූ සමන්ත විද්‍යාරත්නට චාමරගෙන් හාදු වැස්සක්

ආණ්ඩුව ආගමානුකූල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

රන්වලගේ සිදුවීමේ දී පොලිස් නිලධාරීන් රාජකාරී පැහැර හැර ඇති බව තහවුරු වේ

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ...

බැලුන් නෑ කිවු කතාව අතේ රෝලක්.. ජනපති පොලිස් ඇමතිට පලු යන්න අමතලා..

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ රිය අනතුර හේතුවෙන් ආණ්ඩුව දැඩි...

ට්‍රම්ප්ව නොසලකා පුටින්ව ලොකු කර ගැනීමට අනුර සැරසේ

ස්වාභාවික ද්‍රව වායු (LNG) පර්යන්තයක් ඉදිකිරීම සහ සපුගස්කන්ද තෙල්...