ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයකුට එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කළ හැක්කේ රුපියල් පහයි

ඉදිරි ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට ඡන්ද ප්‍රචාරක කටයුතුවලදී එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් පහට අඩු වියයුතු යැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයෝ සඳහන් කර තිබෙනවා.

ඔවුන් මේ පිළිබඳ සඳහන් කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදී සිය ඡන්ද ප්‍රචාරක කටයුතුවලදී එක් අපේක්ෂකයකු විසින් ඡන්දදායකයකු වෙනුවෙන් අවම වශයෙන් රුපියල් පහ බැගින් වැය කළත්, සමස්ත ඡන්දදායකයන් සඳහා එම අපේක්ෂකයාට රුපියල් කෝටි අටහමාරක මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයි අනාවරණය කරමිනි.

මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මැතිවරණ වියදම් නියාමන පනතට අනුකූලව එක් අපේක්ෂකයකුට ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලබයි.

ඒ අනුව, කල්ගොස් තිබෙන පළාත් පාලන මැතිවරණයේදී එක් අපේක්ෂකයකු සඳහා තමන් තරග කරන කොට්ඨාසයේ ඡන්දදායකයකු සඳහා ප්‍රචාරක කටයුතුවලදී වැයකළ හැකි මුදල රුපියල් 20 ක් බවට තීරණය කර තිබුණා.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයන් 17,000,000 ක් සුදුසුකම් ලබා සිටිති. ඒ අනුව, ජනාධිපතිවරණයේදීද එක් අපේක්ෂකයකු විසින් ඡන්දදායකයකු සඳහා රුපියල් 20 බැගින් වැය කළහොත් එම අපේක්ෂකයාට වැය වන සමස්ථ මුදල රුපියල් කෝටි 34 කි.

ඡනාධිපතිවරණය අවසන්වී ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන ලද දිනයේ සිට දින 21 ක කාලයක් තුළදී අපේක්ෂකයන් විසින් අනිවාර්යයෙන්ම විගණනය කරන ලද ගිණුම් ප්‍රකාශනයක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ යුතු වෙනවා..

මෙම ගිණුම් ප්‍රකාශනය නොදෙන අපේක්ෂකයන්ට විරුද්ධව මැතිවරණ කොමිෂන් සභාවට අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගතහැකි අතර, අදාළ විගණනයට සත්‍ය වියදම් ඉදිරිපත් කර නැතිනම් ඊට විරුද්ධව ඕනෑම අයකුට අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීමේ හැකියාව ද පවතී.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!