ආනන්ද් අම්බානිගේ දින තුනේ මඟුල් ගෙදරට නාමල් හා මහේලත් ගිහින්

ඉන්දීය රුපියල් කෝටි 5000 ක් පමණ වැය කර සිදු කරනු ලබන ආනන්ද් අම්බානි සහ රදිකා මර්චන්ට්ගේ දින තුනක විවාහය ඊයේ (12) ආරම්භ වුණා.

ආසියාවේ ධනවත්ම මිනිසා ලෙස සැලකෙන මුකේෂ් අම්බානිගේ පුත්‍රයාගේ මෙම විවාහ මංගල්‍යය සඳහා සහභාගී වීමට ජෝන් සීනා, කිම් කාර්ඩෂියන්, මාර්ක් සකර්බර්ග් ඇතුළු ලෝකයේ ජනප්‍රිය තරු රැසක් මුම්බායි නුවරට පැමිණ සිටින ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඊට බොලිවුඩ් හොලිවුඩ් තරු, ක්‍රීඩකයින්, දේශපාලනඥයින් ද ඇතුළත්.

එම මංගල උත්සවයට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔහුගේ බිරිඳ සහ මහේල ජයවර්ධන හා ඔහුගේ බිරිඳ ද සහභාගී වී සිටියා.

සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ, ප්‍රිසිලා චෑන්, ඉවන්කා ට්‍රම්ප් සහ ඇගේ සැමියා වන ජරෙඩ් කුෂ්නර් සහ බිල් ගේට්ස් සහභාගී වූ උත්සව සමඟ පසුගිය මාර්තු මාසයේ දී ඔවුන්ගේ මංගල උත්සවය ආරම්භ කෙරුණා.

රොයිටර් පුවත් සේවයට අනුව අමුත්තන් 1,200 ක් ඇතුළත් දින තුනක උත්සවයක් වූ මාර්තු සාදයට රිහානා ද සහභාගී වී සිටියා.

Latest News

More like this

රජය ජ්‍යාත්‍යන්තර ආධාර සමුළුව සැලසුම් කරයි

ආපදාවෙන් පීඩාවට පත් රට නැවත ගොඩනැගීම සඳහා සහාය ලබා...

දින කිහිපයකට පසු රන්වලගේ රුධිර සාම්පලයක් රස පරීක්ෂකට…

සපුගස්කන්ද ප්‍රදේශයේදී හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල...

හමුදා ආචාර පෙළපාලියක සේනාධි නායකයාගේ පෞද්ගලික ආරක්ෂකයා ගමන් කිරීමෙන් පිළිබිඹු වන්නේ කුමක්ද?

ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේදී පෙරේදා (13දා) පැවති...

දිට්වා සම්බන්ධයෙන් විමර්ශනයකට ඉහළ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න.. පාඨලී

'දිට්වා' සුළි කුණාටුව හැසිරවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ස්වාධීන,...