මෑත කාලයේ සන්ඩේ ෆන් නමින් සමාජජාලා වල අමුතුම සාදයක් දකින්නට ලැබුනා. හලාවත කිට්ටුව පම්බල ගමේ සන්ඩේ ෆන් සාද සංස්කෘතිය ගෙනාවේ Nishan Peiris, එහෙමත් නැත්නම් පම්බල සෙට් එකේ “පම්බල මාමා”.
පම්බල මාමා “සන්ඩේ ෆන්” පාටි සංස්කෘතිය ගෙනාවේ අද ඊයෙක නෙමෙයි. 2016 හෝ 2017 කාලේ ෆේස්බුක් ගෲප් එකක් හැදුනා “බේබදු සංගමය” කියලා. ඒ බේබදු සංගමයේ ආරම්භක සාමාජිකයෙක් විදියට මමත් නිතරම දැක්ක දෙයක් තමා ශ්‍රී ලංකාවේ හතරකොනේම කාලා බීලා ආතල් එකේ ඉන්න සෙට් එක තමන් සෙට් වෙන වෙලාවට බයිට්, බෝතල් ලස්සනට ඇරේන්ජ් කරලා “බේබදු සංගමය” ට පින්තූර දාන්න පටන් ගත්තා.
ඒ අතරෙ සුදු රැවුල දිගට අංකල් ටයිප් පොරක් හැමදාම ඉරිදට අඹ ගහක් යට “පම්බල සන්ඩේ ෆන්” කියලා අමුතුම බයිට්, බෝතල් පිරුන ටේබල් සහිතව පෝස්ට් වැටෙන්න ගත්තා ගෲප් එකට. ටික කාලෙකින් ගෲප් එක පුරා ජනප්‍රියම සාදය උනේ “පම්බල මාමගෙ සන්ඩේ ෆන්” සාදය.
මුලින්ම පම්බල අවට විදෙස්ගත අය පමණක් සහභාගි වෙලා ගෲප් එක තුල පමණක් ජනප්‍රිය උන සාදය “සන්ඩේ ෆන්” කියලා සමාජජාලා මතුපිට ජනප්‍රිය උනේ මෑත කාලයේ.
නිශාන් පීරිස් නමින් සුදු රැවුල තිබෙන මනුස්සයෙක්, දැක්කාම කෙල උනන අමුතු බයිට් ටේබල් එකක් හදලා බොන සංස්කෘතිය සමාජය බොහෝම ඉක්මනට වැලඳගත්තා. රට වටෙන්ම රසිකයෝ පම්බල සංචාරය කරන්න පටන් ගත්තා. පුත්තලම් පාරෙ ගියත් පම්බල ගමේ වාහනේ නවත්තලා “පම්බල මාමා” ගේ සන්ඩේ ෆන් හොයන්න පුරුදු උනා. මිනිස්සු වාහනේ නවත්තලා පම්බල නිශාන් පීරිස්ගෙ ඉස්සො අරගෙන යන්න පුරුදු උනා, සමහර අය ඒ වෙනුවෙන්ම පම්බල සංචාරය කලා.
මීගමුව, කටුනේරිය, හලාවත පැත්තේ බහුතරයක් ඉන්නෙ කාලා බීලා සතුටින් ඉන්න මිනිස්සු. වැඩිපුර ධීවර වෘත්තීයට සම්බන්ද මිනිස්සු. ඒ මිනිස්සුන්ගෙ ජීවන රටාව සමාජයට විවෘත කලේ පම්බල මාමා හෙවත් නිශාන් පීරිස්. ඒ ජීවිතේට මිනිස්සු ආදරේ කරන්න පටන් ගත්තා. ඒ සංස්කෘතිය හරි අපූරු එකක්.
මෑතකදී මියගිය ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්තද මෙම “පම්බල සන්ඩේ ෆන්” සාදයට එකතු වුනා. ක්ලබ් වසන්ත ආතල් එකක් ගන්න සන්ඩේ ෆන් ආවා මිසක “සන්ඩේ ෆන්” යනු ක්ලබ් වසන්තගේ නිර්මාණයක් නොවෙයි. ඔහු සහභාගී වෙලා යම් ප්‍රචාරණයක් ලබා දුන්නා පමණයි.
ඇතැම් පිරිස් එය ක්ලබ් වසන්තගේ සාදයක් යනුවෙන් අර්ථගන්වා එය කඩාකප්පල් කිරීමටත් පම්බල මාමා හෙවත් නිශාන් පීරිස් පාතාලය හා සම්බන්ද බව කියමින් “සන්ඩේ ෆන්” සාදය කඩාකප්පල් කිරීමටත් යම් උත්සාහයක් ගන්නා බව පේනවා. එවැනි යම් ප්‍රචාරයක්ද ගෙන යනවා. ක්ලබ් වසන්තගේ වැඩක් නිසා “සන්ඩේ ෆන්” එකටත් පාතාලෙන් ගහවි කියනවා. යන්න එපා කියනවා.
මිත්‍රවරුණි, නිශාන් පීරිස් හෙවත් පම්බල මාමා ආතල් ගන්න ෆන් පුද්ගලයෙක් මිසක් මැරයෙක් නෙමෙයි. ඔහු ඉස්සො බිස්නස් එකක් කරගෙන කාලා බීලා පාඩුවේ කාටවත් කරදරයක් නැතිව ජීවිතේ මැදිවිය ගෙවන පුද්ගලයෙක්.
ඉරෝෂ් හෙට්ටිගේ