සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සියලු කටයුතුවලින් ඉවතට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ සියලු කටයුතුවලින් ඉවත් කර ඇතැයි වාර්තා වෙනවා.

එම පක්ෂයේ සාමාජිකයෙකු කියා සිටියේ ඔහු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගී කර නොගැනීමට ද තීරණය කර තිබෙන බවයි.

එමනිසා පක්ෂ නායකත්වය විවේචනය කිරීම ඇතුළු කරුණු හේතුවෙන් මෙම තීරණය ගත් බව පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සරත් ෆොන්සේකාට ලබා දී තිබූ කැලණිය ආසන සංවිධායක ධුරය ද ඒ මේ වන විට එම පක්ෂයට මෑතකදී එක් වූ නාලක ගොඩහේවා වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා.

Latest News

error: Content is protected !!