සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සියලු කටයුතුවලින් ඉවතට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ සියලු කටයුතුවලින් ඉවත් කර ඇතැයි වාර්තා වෙනවා.

එම පක්ෂයේ සාමාජිකයෙකු කියා සිටියේ ඔහු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගී කර නොගැනීමට ද තීරණය කර තිබෙන බවයි.

එමනිසා පක්ෂ නායකත්වය විවේචනය කිරීම ඇතුළු කරුණු හේතුවෙන් මෙම තීරණය ගත් බව පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සරත් ෆොන්සේකාට ලබා දී තිබූ කැලණිය ආසන සංවිධායක ධුරය ද ඒ මේ වන විට එම පක්ෂයට මෑතකදී එක් වූ නාලක ගොඩහේවා වෙත ලබා දීමට කටයුතු කර තිබෙනවා.

Latest News

More like this

සහන ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය කරන්න.. සජිත් ඉල්ලයි

අපාදාවට ලක් වූ ජනතාවට සහන ලබා දීමේ ක්‍රියාවලිය මුළුමනින්ම...

නාය ගිහින් පැළුණු තැන්වලට පස් දමා කොටලා තද කළ විට අවදානම පහ වෙනවා.. සමන්ත විද්‍යාරත්න

ආපදා තත්ත්වය හමුවේ නාය ගිය ස්ථානවල පැලුණු භූ පැලුම්වලට...

ගම්පහම යට වුණ හේතුව කාදිනල් හිමි අනාවරණය කරයි

පසුගිය ගංවතුර කාල සීමාවේදී ගම්පහ නගරය ජලයෙන් යටවීමට හේතුව...

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...