පියුමිගේ CID යට එරෙහි පෙත්සම විභාග කිරීම ලබන සඳුදා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාශය තමන්ට එරෙහිව කරන විමර්ශන නවත්වන ලෙසට ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නිරූපන ශිල්පී පියුමි හංසමාලි විසින් ඉදිරිපත් කරනු ලැබූ රිට් පෙත්සම ලබන 15 වැනි දින කරුණු තහවුරු කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (12) නියම කළා.

පියුමි හංසමාලි නීති විරෝධී ලෙස කෝටි ගණනින් මුදල් උපයාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් අනුව නීති විරෝධී විමර්ශන කොට්ඨාශය විමර්ශන දියත් කරනු ලැබුවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන නිසා තමාට CIDය විශාල කරදරයක් වී ඇති බව ද පියුමි සඳහන් කර තිබුණා.

Latest News

error: Content is protected !!