මතු කිසිදු භවයක අසත්පුරුෂයන් හමු නොවේවා.. නික්ම යන පුතුට සමුදෙමින් වසන්තගේ අම්මා කළ ප්‍රාර්ථනාව

“මේ ලෝකෙ අස්ථිර බවත් දන්නවා. මැරෙන බවත් දන්නවා. නමුත් අම්මා කෙනෙක්. අම්මා කෑවද කියලා අහන්නෙ නැතුව බත් ටික බෙදා ගත්තෙ නැති පුතෙක්” අද (13) පස්වරුවේ මිහිදන් කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ අවමංගල්‍ය සභාවේ දී කඳුළු සලමින් කතාවක් කළ ඔහුගේ මව පැවසුවා.

එමෙන්ම ඇයගේ අවසාන ප්‍රාර්ථනය වූයේ මතු කිසිම ආත්මයක අසත් පුරුෂයන් මැද ඔහු නැවත ඉපදිය යුතු නැති බවයි.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඔහු ජීවතුන් අතර සිටිය දී ඔහුගේ මවට දැඩි ලෙස ආදරය කළ පුතෙක් බව ප්‍රකට වූවක්.

අවසාන වශයෙන් සිය පුතුට සමුදෙමින් ඇය මෙසේ සඳහන් කළා.

“දරුවන්ට හොඳ තාත්තා කෙනෙක්. නෝනට හොඳ මහත්තයෙක්. හොඳ යාලුවෙක්. හොඳ මිත්‍රයෙක්. කන්න බොන්න දෙන. මං නම් හිතන්නෙ නෑ අම්මා කෙනෙක්‍ට මෙහෙම දරුවෙක් හම්බ වෙයි කියලා ආයේ. මට විතරයි හම්බ වුණේ. එයා මාවත් දාලා ගියා. මුළු ලෝකෙම දාලා ගියා. මං මගේ පුතා කියලා දැන් කියන්නෙ නෑ. ඔබතුමාට නිවන් සැප ලැබේවා .උප උපන් ජාතියක මේ වගේ අසත්පුරුෂයන් මැද ඉන්නඑපා. බුදු හාමුදුරුවෝ තුන්වරක් වැඩි පින්බිමේ අසත්පුරුෂයෝ දුරුවේවා!”

Latest News

More like this

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...