තාත්තා යන්නෙ මට ලොකු වගකීමක් පවරලා.. ඒක මම ඒ විදියටම ඉටු කරන්නම්.. වසන්තගේ දේහය ඉදිරියේ පුතා කළ සංවේදී කතාව

අතුරුගිරිය ටැටූ ආයතනයක් විවෘත කිරීමකට සහභාගී වූ අවස්ථාවේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ අවසන් කටයුතු අද (13) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණා.

ඒ ඔහුගේ මව, දරුවන් හා ළඟම ඥාතීන් පිරිසකගේ සහභාගීත්වයෙනි.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරාට සමුදෙමින් ඔහුගේ පුතු එහි දී මෙසේ ප්‍රකාශ කළා.

“මායි, මල්ලියි, නංගියි, පොඩි මල්ලියි. මාව තමයි තාත්තා ඉස්සෙල්ලම දැක්කෙ. එයාගේ පළවෙනි දේ වුණේ එයාගෙ පවුල. අනිත් දේවල් ඔක්කොම දෙවැනියට තිබුණේ. එයා කෑවෙ නැතත් ඉස්සෙල්ලම කන්න දෙන්නෙ අපිට. තාත්‍තා අවුරුදු 55න් ගියේ. හැබැයි එයා කරපු දේවල් ජීවතුන් අතර ඉන්න සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ.

තාත්තා මට ලොකු වගකීමක් භාර දීල තියෙනව. මං ඒක ඒ විදියටම ඉෂ්ට කරනවා. මගේ නංගි මල්ලිලා දෙන්නා ඇතුළු පවුලේ සියලු දෙනාම මං බලාගන්නවා.”

Latest News

error: Content is protected !!