පාර්ලිමේන්තුවේ කණ්ඩායම් 10ක් මන්ත්‍රීවරුන් 75 ක් සමඟ සමගි ජන සන්ධානය එළිදැක්වීම නුදුරේදීම

ඉදිරි සති දෙක තුන ඇතුළත පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ නියෝජනය කරන කණ්ඩායම් 10 ක් පමණ ඒකාබද්ධ කරගනිමින් සමගි ජන සන්ධානය පිහිටුවන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරණය එළැඹෙන විට මන්ත්‍රීවරුන් 75 ක් වැනි ප්‍රමාණයක් සමගි ජන බලවේගය හා එක්වනු ඇති බව ඔහු පවසා සිටියා.

මේ වන විට සිදු කර ඇති සමීක්ෂණවලට අනුවද සමගි ජන බලවේගය ආසන 130ක් ජයග්‍රහණය කරනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

එමෙන්ම කිසිසේත්ම ජනාධිපතිවරණය කල් දැමීමේ හැකියාවක් නැති බවත් සජිත් රනිල් එක් වීමක් සිදුවන්නේ නැති බවත් ඔහු පවසා තිබෙනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රූපවාහිනී ප්‍රවෘත්ති වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදියකු විමසූ කරුණුවලට පිළිතුරු දෙමින්.

මේ වන විට රැල්ල පවතින්නේ සජිත්ට බව ද මහලේකම්වරයා සඳහන් කර සිටියා.

Latest News

More like this

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...
error: Content is protected !!