විදේශ රැකියා නියෝජිත ආයතනයේ හිමිකරුට පහර දෙමින් යකා නැටූ පෑලියගොඩ හා දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ වීර ක්‍රියා එළියට

වීසා ගමන් බලපත්‍රයකට අදාළ මුදල් ඉල්ලීමේ දී තමන්ට සහ තම සේවකයින්ට පහර දුන් බව පවසමින් දෙහිවල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙක් පොලොසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

මෙම පහර දීම සිදු කර තිබුණේ පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින්.

ඔහු පසුගිය දා දෙහිවල පිහිටි මෙම විදේශ රැකියා නියෝජිත ආයතනයට පැමිණ තිබුණේ එංගලන්ත සංචාරයකට අදාළ වීසා බලපත්‍රයක් ලබා ගැනීම සඳහායි.

අදාළ වීසා බලපත්‍රය එම ආයතනය විසින් රු ලක්ෂ 10 ක් වැයකර සකස් කර තිබූ අතර එම මුදල ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමේ දී බහින් බස් වීමක් සිදුව තිබෙනවා.

එම සිදු වීම ආයතනයේ CCTV පද්ධතියේ ද සටහන් වී ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිසිය ආයතනයෙ හිමිකරු ඇතුළු සේවකයින් ඇදගෙන යන ආකාරය ද එම දර්ශනවල ඇතුළත්.

අදාළ විදේශ රැකියා නියෝජිත ආයතනය මෙම සිදුවීම මානව හිමිකම් කොමිසමට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ද මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කටයුතු කර තිබෙනවා.

Latest News

More like this

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...
error: Content is protected !!