ඒබ්‍රහම් ලින්කන් සමලිංගිකයෙක්

එක්සත් ජනපදයේ දහසය වැනි ජනාධිපතිවරයා වන ඒබ්‍රහම් ලින්කන් සමලිංගිකයකු බවට ඔහුගේ ලිංගිකත්වය පිළිබඳ නිර්මාණය කළ නවතම වාර්තා චිත්‍රපටයක් ඔස්සේ හෙළිදරව්වක් කර තිබෙනවා.

Lover of Men: The Untold Story of Abraham Lincoln නම් වාර්තා චිත්‍රපටය පවසන්නේ ඔහු පිරිමි සහකරුවන් සමඟ ලිංගික සබඳතා පැවැත්වූ බවයි.

කිසිදා නොදුටු ඡායාරූප සහ ලිපි ඇතුළත් මෙම වාර්තා චිත්‍රපටය පිරිමින් සමඟ ලින්කන්ගේ ආදර සබඳතා පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් සිදු කර තිබෙනවා.

මෑතකදී නිකුත් කරන ලද වාර්තා චිත්‍රපටයේ ට්‍රේලරය මේ වන විට නිකුත් කර ඇති අතර,ලින්කන්ගේ පෞද්ගලික ජීවිතය සහ ඔහු ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඔහුගේ සබඳතා ගවේෂණය කරයි.

ෂෝන් පීටර්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද එහි ඉතිහාසඥයින්, විද්වතුන් සහ ඒබ්‍රහම් ලින්කන් විශේෂඥයින් සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡා ද ඇතුළත්.

ලින්කන්ගේ පිරිමි ලිංගික සබඳතා විස්තර කරමින් ඔහුගේ පිරිමි පෙම්වතුන්ට ලියන ලද බව කියන ලිපි ගණනාවක් වාර්තා චිත්‍රපටියෙන් අනාවරණය කර තිබෙනවා.

ෂෝන් පීටර්සන් මෙහිලා ප්‍රකාශ කළේ ඔහු වසර හතරක් පුරා පිරිමි මිතුරෙකු වන ස්පීඩ් සමඟ බොහෝ ‘පෙම් ලිපි’ හුවමාරු කර ගත් බවයි.

ස්පීඩ් යනු ලින්කන්ගේ තරුණ කාලය බෙදාගත් ඔහුගේ සමීපතම මිතුරන්ගෙන් කෙනෙකි. ට්‍රේලරයේ ඇතුළත් එක් ලිපියක, “ආදරණීය ස්පීඩ්, ඔබ නොමැතිව මම ඉතා හුදකලා වනු ඇත, ආදර ලින්කන්” ‍යනුවෙන් ඔහු ස්පීඩ් වෙත ලියන ලද ලිපියක් ද ඇතුළත් කර තිබෙනවා.

ලින්කන්ගේ ලිංගිකත්වය යන මාතෘකාව සම්බන්ධ විද්වතුන්ගේ සහ ඉතිහාසඥයින්ගේ උනන්දුව දිගු කලක් තිස්සේ පවතින්නකි.

ඔහුගේ ලිංගිකත්වය පිළිබඳ 1999 දී Solon සඟරාවේ වාර්තා වූ විශේෂාංග කථාවක හා ක්ලැරන්ස් ආතර් ට්‍රිප් විසින් රචිත The Intimate World of Abraham LincoIn යන කෘතියෙහි ද ඇතුළත් වුණා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!