ජනාධිපතිවරණය නවත්තන්න රනිල්ට තව ඉතුරු වෙලා ඇති එකම එක ගැටයක් ගැන අනුර කියයි

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මොන ගැට ගැසූව ද ජනාධිපතිවරණය වැළැක්වීමට ජාතික ජන බලවේගය ඉඩ නොතබන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මේ 17 වෙනි දා වන විට ජනාධිපතිවරණය ප්‍රකාශය කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර ඉන් පසු නාම යෝජනා කැඳවීමත් බොහෝ විට ඔක්තෝබර් 05 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඔහු මේ බව පැවසුවේ දඹුල්ලේ පැවති ජාතික ජන බලවේගයේ රැලියක් අමතමිනි.

ඔහු එහි දී මෙසේ සඳහන් කර සිටියා.

ගැට පිට ගැට ගැසුව ද වැඩක් වෙන්නෙ නෑ. ලේනව කියල කෙනෙක් ගෙනාව. ලක්ෂයක් දඩ ගැහුවා. දැන් තව එක්කෙනෙක් ගෙනැල්ල තියෙනවා. එයාට ලක්ෂයක් ගහලත් මදි වෙයි වගේ. මොන ගැටේ ගැහුවත් වැඩක් වෙන්නෙ නෑ. ලබන 17 වෙනිදා මැතිවරණ කොමිසමට බලය එනවා. අන්තිමේ රනිල්ට ඉතුරු වෙන්නෙ එයාගෙ ටයි එකේ ගැටේ විතරයි.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...