ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැතක්: උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු කණ පසාරු කරගෙන යයි

ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ පෙන්සිල්වේනියාවේ පැවති ජන රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම ප්‍රහාරය ඔහු ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු කණ සිදුරු වී ඇති අතර ලේ ගලන ට්‍රම්ප් ආරක්ෂකයින් විසින් වටකරගෙන යන ආකාරය මේ වන විට නිකුත් වී ඇති ඡායාරූපවලින් දැකගත හැකියි.

ට්‍රම්ප්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වල මේ බව සඳහන් කරමින් වෙඩි ප්‍රහාරයෙන් සිය දකුණු කණ සිදුරු වූ බව ට්‍රම්ප් පවසා තිබෙනවා.

ඊට පෙර ඔහුගේ තත්ත්වය ගැන යාවත්කාලීන කරමින් එම සමාජ මාධ්‍ය පිටු සඳහන් කළේ ට්‍රම්ප් හොඳින් බවයි. ඔහු රෝහල්ගත කර ප්‍රතිකාර ලබන බව එම නිවේදනවල දැක්වුණා.

එක්සත් ජනපද රහස් සේවා නිලධාරීන් සැකකරු එම ස්ථානයේ දීම වෙඩි තබා ඝාතනය කළ බව වාර්තා පවසනවා.

වෙඩි තැබීමෙන් අසල සිටි පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්.

ප්‍රහාරකයා රයිෆලයකින් සන්නද්ධ වී සිට ඇති අතර රැළිය පැවැත්වුණු ස්ථානයට මීටර් සියයක් පමණ එපිටින් ස්ථානගත වී සිට ඇති බවයි පැවසෙන්නේ.

Latest News

More like this

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...