ආදරේ කියන්නේ සීමා මායිම් නැති දෙයක් කියලයි ජනප‍්‍රිය සාහිත්‍යයේ උනත් සදහන් කරන්නේ.
හැබැයි එහෙම කිවුවට ඉතින් ලෝකේ ඕනෑ තරම් ආදරේට සීමා මායිම් තිබේනවා.
ආගම, ජාතිය, කුලය, පංතිය, වගේ ඕනෑම දෙයක් මේ ආදරේට හරස් වෙන සීමා මායිම් වෙන්න පුලූවන්.
සමහරවිට ස්ත‍්‍රී පුරුෂ භාවයත් මේම ආදරේට සීමා පනවන දෙයක් වෙන්න පුලූවන්ද?
ඒ කිව්වේ සමරිසි නැතිනම් සමලිංගික ආදරේ ගැන තමයි.
කොටින්ම කියනවා නම් ගැහැණියකට බැරිද තවත් ගැහැණියකට ආදරේ කරන්න? පිරිමියෙක්ට බැරිද තවත් පිරිමියෙක්ට ආදරේ කරන්න?
මේවා ඇත්තටම අදටත් ප‍්‍රශ්න. හරියටම කියනවා නම් සමාජ ප‍්‍රශ්න.
සමරිසිභාවය සම්බන්ධයෙන් එළිපට කථා කරන එක, ශ‍්‍රී ලංකාව වැනි තවමත් සාම්ප‍්‍රදායික රටක ප‍්‍රශ්නම තමයි.
සම සෙනෙහසින් බැදෙන අයට සමාජයෙන් කොන් කිරීම් වල ඉඳලා ප‍්‍රචණ්ඩත්වය දක්වා මුහුණ දෙන්න සිදුවු අවස්ථා පවා දක්නට ලැබේනවා.
පිරිමියෙක් පිරිමියෙක්ට ආදරේ කළොත් ඒ කෙනාව පොදුවේ Gay කියලා ඉංග්‍රිසියෙන් හඳුන්වනවා.
ගැහැණියක් ගැහැණියක් හා බැඳෙනවා නම් එයාව ඉංග්‍රීසියෙන් Lesbian කියලා හඳුන්වනවා. මේ නැඹුරුතාවයට Homosexuality කියනවා.
ඕක සිංහලට එනකොට ස්ත්‍රී හෝ පුරුෂ සමලිංගිකත්වය කියලා තමයි ආවේ. හැබැයි පසුකාලීනව මේ ගැන කතාබහ සමාජය ඇතුළේ ඇතිවෙනකොට වඩාත් නිවැරදිව මේ බැඳීම අර්ථ දක්වන්න පුලුවන් වචන වුවමනා වුනා. ‘සමරිසිභාවය’ කියන එක ආවේ එහෙම වෙන්න ඕන. දැන් බොහෝ විට ‘සමසෙනෙහස්’ කියන වචනය භාවිතා වෙනවා.
අද අපි කතා බහ කරන්නේ ඉතාමත් සොදුරු යුවතියන් දෙදෙනෙක් එක.
එක්කෙනෙක් තරු, අනෙක් කෙනා එමි. ‘ලක්වාහිණි’ අපි මේ සුදානම් වන්නේ ඉතාමත් රූමත් තරුණියක්වන ‘තරු’ සහ ‘එමිගේ’ ආදර කතාව සම්බන්ධයෙන් කතා කරන්න.
සමාජය සම්මතයයි කියන රාමුවෙන් පිට කියන දේ වෙනුවට ඔයා සතුටු වෙන දේ තෝරාගත් විට අප සමාජය අසම්මත යයි හදුන්වනවා.
ලෝකය සීග්‍රයෙන් වෙනස් වෙමින් පවතිනවා. ලෝකෙ පුරාම, සුලුතර ලිංගික අයිතිවාසිකම් තහවුරු කරමින් තියෙනවා. එහෙම තියෙද්දි, ශ‍්‍රී ලංකාව වැනි තවමත් සාම්ප‍්‍රදායික රටක මේවැනි ප‍්‍රශ්න කතා කීරිම හරිම අභියෝගාත්මකයි.
එම අභියෝගය භාර අරගෙන අපි ‘තරු’ සහ ‘එමිගේ’ ආදර කතාව දිග හරිනවා..