ලෝකෙ ලස්සනම කාන්තාව බච්චන් පවුලෙන් කොන් කරයි.. අයිශ්වර්යා අභිෂේක් විවාහය දෙදරා ගොස් ඇති බව සනාථ වේ

අයිශ්වර්යා රායි හා බච්චන් හා අභිෂේක් බච්චන්ගේ පෞද්ගලික ජීවිතය නිතර කතාබහට ලක්වන්නකි.

මේ වන විට පැතිර යන ආරංචි නම් එතරම් සුබදායී නැති අතර ඒවායින් කියවෙන්නේ ඔවුන්ගේ විවාහ ජීවිතය දෙදරා ගොස් ඇති බවයි.

අයිශ්වර්යා ඇගේ නැන්දම්මා වන ජායා බච්චන් සමඟ ඇති කරගත් ගැටලුකාරී තත්‍ත්වයක් මත ජල්සා නිවස අතහැර ගොස් ඇති බවට කටකතා ද මේ වන විට පැතිර යමින් තිබෙනවා.

එම කටකතා තහවුරු වීමක් පසුගිය සිකුරාදා ආනන්ත් අම්බානි සහ රාධිකා මර්චන්ට්ගේ විවාහ මංගල්‍යය අතර සිදු වුණු අතර එම අවස්ථාවට බච්චන් පවුල පැමිණියේ වෙනමයි.

අයිශ්වර්යා සහ දුව ආරධ්‍යා වෙනම එයට සහභාහී වූ අතර අභිෂේක් සහභාහී වී සිටියේ ඔහුගේ බච්චන් පවුලේ උදවිය සමඟයි.

මෙය බොලිවුඩ් ප්‍රේක්ෂකයින් කම්පනයට ලක් කළ අතර අභිෂේක්ගේ ක්‍රියාකලාපය ගැටලු සහගත බවයි ඔවුන් සඳහන් කළේ.

මොනවා වුණත් අභිෂේක් නියම පිරිමියෙක් නම් ඔහු සිටගත යුතුව තිබුණේ අයිශ්වර්යා සහ සිය දරුවාගේ පැත්‍තෙන් යයි බොහෝ දෙනෙක් අදහස් පළකර තිබුණා.

කෙසේ වෙතත් අයිශ්වර්යා රායි බච්චන් සහ අභිෂේක් බච්චන් ආනන්ත් සහ රාධිකාගේ විවාහ මංගල්‍යයේ අභ්‍යන්තර දසුන් වලදී එකට සිටිනු දක්නට ලැබුණා.

නමුත් එය නාමික පෙනී සිටීමක් පමණක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!