විස්සයි 20 චරිත් අසලංක යුගය උදාවේ.. එක්දින නායකත්වයත් ඔහුට හිමිවන ලකුණු

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ හිටපු නායක චරිත් අසලංක ලෝක ශූර ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරඟාවලියේ දී ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමට නියමිතයි.

වනිඳු හසරංග විස්සයි20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟ මෙම පත්කිරීම සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දැනට උප නායක ලෙස කටයුතු කරන අසලංක මේ මස අගදී පල්ලෙකැලේ හිදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා තේරීම් කමිටුව විසින් කණ්ඩායම ප්‍රකාශයට පත් කරන විට නායකයා ලෙස නම් කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.

ජාතික තේරීම් කමිටුව සිකුරාදා අසලංක හමුවී ඔවුන්ගේ තීරණය නිල වශයෙන් දැනුම් දීමට ද කටයුතු කර තිබෙනවා.

මේ වන විට 27 වැනි වියේ පසුවන අසලංක සිය මංගල තරගයේ සිට ජාත්‍යන්තර විස්සයි20 තරග 47කට ක්‍රීඩා කර ඇති අතර අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 1,061ක් රැස්කරගෙන ඇත්තේ 126.76ක ප්‍රහාරක වේගයකිනි.

පැතුම් නිශ්ශංක අසලංකගේ උප නායකයා වීමට ඉඩ ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර තේරීම් කමිටුව අසලංකට එක්දින කණ්ඩායමේ නායකත්වය ද පිරිනැමිය හැකි බවට ද ඉඟි පළ වෙමින් තිබෙනවා.

රිච්මන්ඩ් විද්‍යාලයේ පාසල් දිවියේදී අසලංක යටතේ ක්‍රීඩා කළ හසරංග, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කිරීමෙන් අනතුරුව විස්සයි20 නායකයා ලෙස පත් කෙරුණා.

T20 ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහී පන්දු යවන්නෙකු වන හසරංග විසින් B-Love Kandy කණ්ඩායම පසුගිය වසරේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ශූරතාව දක්වා ගෙන ගිය අතර, එය ඔහු ජාතික නායකත්වයට ඔසවා තැබීමට ප්‍රධාන හේතුවක් වුණා.

හසරංග යටතේ ශ්‍රී ලංකාව සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශයට එරෙහිව තරඟාවලි ජයග්‍රහණ ලබා ගත්තද, ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවති ලෝක කුසලාන තරඟාවලියේදී පළමු වටයෙන්ම ඉවත් වූ අතර, කණ්ඩායම් තේරීම සහ නායකත්වය සම්බන්ධයෙන් විශාල මහජන විරෝධයක් ඇති වීම හේතුවෙන් ඔහුට කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වීමට ද බල කෙරුණා.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...