ටැටූ හිමිකරුගේ පාපොච්චාරණ වීඩියෝව සම්බන්ධයෙන් ටිරාන්ගෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැඩි අවවාද

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන ටැටූ ආයතනයේ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ ලබා ගැනීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, බස්නාහිර පළාත් (දකුණු) නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති මාරපන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ ටැටූ ආයතනයේ හිමිකරුගෙන් මෙම ප්‍රකාශ ලබා ගැනීම සිදු කර තිබුණා.

නියෝජ්‍ය පොලිස්පති මාරපන අලස් අමාත්‍යවරයාට කණගාටුව ප්‍රකාශ කර ඇති අතර මින් ඉදිරියට එවැනි සිදුවීම් සිදු නොවන බවට පොරොන්දු වූ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

මේ අතර සැකකරුවන්ගේ ප්‍රකාශ මාධ්‍ය වෙත ප්‍රචාරය නොකරන ලෙසට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නව චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලුම පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමට ද කටයුතු කර තිබුණා.

Latest News

More like this

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...