පාරේ බැහැලා යන්නවත් ඉන්දියාවේ නිදහසක් නැති නිසා අනුෂ්කා-විරාත් ලන්ඩනයේ ස්ථිර පදිංචියට යයි.

අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමේ උත්සහයක් ලෙස ඉන්දියාව අතහැර ස්ථිරවම ලන්ඩනයට පදිංචියට යාමට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

පසුගිය වසරේ අනුෂ්කා කළ ප්‍රකාශයකින් ද ඒ පිළිබඳ ඉඟි පළ වුණා.

“මම රංගනයට කැමතියි, නමුත් මම කලින් කළා වගේ වැඩිපුර චිත්‍රපට කරන්න කැමති නැහැ. මට ඕන අවුරුද්දකට එක චිත්‍රපටියක් කරන්න, මම කැමති රංගන ක්‍රියාවලිය රසවිඳින්න සහ මම ඉන්න විදිහටම මගේ ජීවිතය සමබර කරගෙන පවුලට කාලය දෙන්න.”

කෝලි ද පැවසුවේ “අපි රටේ හිටියේ නැති පසුගිය මාස දෙකේ හරිම සාමන්‍ය හැඟීමක් දැනුණා. මටත් මගේ පවුලටත් එය අති යථාර්ථවාදී අත්දැකීමක් වුණා. පවුල සමඟ කාලය ගත කිරීමට අවස්ථාව ලැබීම ගැන දෙවියන් වහන්සේට ගොඩක් ස්තූතිවන්ත විය යුතුයි. පාරේ යන තවත් පුද්ගලයෙකු වීම සහ හඳුනා නොගැනීම පුදුමාකාර අත්දැකීමක්”

විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මා පෙබරවාරි මාසයේ ලන්ඩන් නුවරදී ඔවුන්ගේ දෙවන බිළිඳා වන අකායිව පිළිගත්තා.

මෙම යුවළ එක්සත් රාජධානියට පිටත්ව ගියේ ද දරුවා බිහි කිරීමේ කටයුතු අතිශය පෞද්ගලිකව තබා ගැනීමට අවශ්‍ය වූ නිසයි.

විරාත් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා ඔවුන්ගේ දෙවන දරුවා වන අකායිගේ උපත පෙබරවාරි 20 වන දින Instagram හරහා ප්‍රකාශ කර තිබුණා.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...