මධූෂ්ගේ කල්ලියට තවත් පාතාල කල්ලියකින් තර්ජන.. සෙට් එකම මධූෂ් ගාවට යවන බවට තර්ජනය කළ පෝස්ටර් මධූෂ්ගේ බිරිඳගේ ගේ ඉදිරිපිට

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකුට මරු කැඳවූ අතුරුගිරියේ වෙඩි තැබීමෙන් පසු මහරගම සහ දෙමටගොඩ ප්‍රදේශවලින් හමුවූ තර්ජනාත්මක පෝස්ටර් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදුකෙරෙන දිනයේ පොලිස් වෙඩි හුවමාරුවකින් මියගිය කුප්‍රකට පාතාල නායක මධුෂ් මිහිදන් කළ මහරගම ගොඩිගමුව සුසාන භූමියේ තිබී බැනරයක් හමුවුණා.

එම බැනරයේ “අපේ අයියේ. අපි එක එක්කෙනාව එවනවා. අපි එනකම් බලා ගන්න.” යන පණිවිඩය සහිත මධුෂ්ගේ ඡායාරූපය ප්‍රදර්ශනය කර තිබුණේ “කේපීඅයි” යන අකුරු තුන ද යොදමින්.

ඒ අනුව එම පෝසටරය ද කංජිපානි ඉම්රාන් සමඟ සම්බන්ධ විය හැකි බවට අදහස් පළ වුණා.

ක්ලබ් වසන්ත ඝාතනය වූ දිනයේ මධුෂ්ගේ අනියම් බිරිඳ සුසාන භූමියට පැමිණ ඉටිපන්දම් දල්වා ඇති බවද වාර්තා වුණා.

2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී කළු තුෂාරගේ මරණයෙන් පසු ඇය මධූෂ් සමඟ ජීවත් වුණේ ඩුබායි රාජ්‍යයේය.

එමෙන්ම මහරගම ස්ටේෂන් පාරේ පිහිටි මධුෂ්ගේ අනියම් බිරිඳගේ නිවස අසලින් පෝස්ටර් කිහිපයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

“පාතාලේ හැම එකාම මධූෂ් ගිය පැත්තට යන්න සූදානම් වෙයල්ලා.” “කැඳ ඉම් රාන්ගේ පවුලේ උන්ටත් ඒ දඬුවමමයි” වැනි පණිවිඩ මෙම පෝස්ටර්වල අන්තර්ගතව තිබුණා.

හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ගේට්ටුවේ සහ දෙමටගොඩ දුම්රිය අංගනය අසල දැන්වීම් පුවරුවක ද මෙවැනිම තර්ජනාත්මක පෝස්ටර් දක්නට ලැබුණා.

මෙම පෝස්ටර් පොලිස් භාරයට ගෙන මහරගම සහ දෙමටගොඩ පොලිස් ස්ථාන හරහා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!