ට්‍රම්ප්ට එල්ල වූ පන්නයේ ප්‍රහාරයක් සජිත්ටත් එල්ල වේයැයි බියක්.. විපක්ෂ නායකගේ ආරක්ෂාව වහාම තර කරන්නැයි ඉල්ලීම්

ජනාධිපතිවරණ සමයේදී අපේක්ෂකයින්ට ඇමෙරිකානු පන්නයේ ප්‍රහාර එල්ල විය හැකි බව පෙන්වා දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂාව තර කරන ලෙස සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සෙනසුරාදා පෙන්සිල්වේනියාවේ පැවති ජනහමුවක් අතරතුර හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මරාදැමීමට ගත් උත්සාහය ගැන දැනගත් වහාම සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂාව තර කරන ලෙස තමන් රජයට පැවසූ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න අද (14) මාධ්‍ය හමුවකදී පැවසුවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්‍ෂාව පිළිබඳ වගකීම රජය සතු බැවින් ඔහුගේ ආරක්‍ෂාව වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

Latest News

More like this

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...