“ටයිගර් සිනමාවට ගේන්න ජැකී ෂෙරොෆ් පවා මගෙන් උදව් ඉල්ලුවා. ඒත් මගේ පුතා..” නළුවෙක් වෙන්න අවුරුදු දහයක් හීන දැක්කත් තාත්තාගෙන් උදව් ඉල්ලුවේ නැති අමීර් ඛාන්ගේ පුත් ජුනයිඩ් ඛාන් පළමු චිත්‍රපටයෙන්ම බොලිවුඩය අල්ලයි

සිද්ධාර්ත් පී මල්හෝත්‍රා විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කරන ලද, 19 වන සියවසේ මාධ්‍යවේදියකු, සමාජ ප්‍රතිසංස්කරණවාදියෙකු වන කර්සන්දාස් මුල්ජිගේ සැබෑ ජීවිතය තේමා කර ගනිමින් මේ දිනවල Netflix ඔස්සේ විකාශය වන “මහාරාජ්” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ සුපිරි නළු අමීර් ඛාන්ගේ පුත් ජුනයිඩ් ඛාන්ය.

ඓතිහාසික අධිකරණ නඩුවක් මත පදනම්ව, නිර්භීත මාධ්‍යවේදියෙකු විසින් ගෞරවනීය ලෙස පෙනී සිටින නායකයකුගේ දුරාචාර හැසිරීමක් පිළිබඳ හෙළිදරව් කරන මහාර්ජ් ජුනයි ඛාන්ගේ පළමු චිත්‍රපටයයි.

ඔහුගේ මංගල දර්ශනය පැමිණෙන්නේ 1988 වසරේ “Qayamat Se Qayamat Tak” හි ඔහුගේ පියා ආදර වීරයෙකු ලෙස බොලිවුඩ් හි මතු වී දශක හතරකට පසුවයි..

කපිල් ෂර්මාගේ ‘ද ග්‍රේට් ඉන්දියන් කපිල් ෂෝ’ වැඩසටහනේදී අමීර් වරක් ඔහුගේ දරුවන් ඔහුට ඇහුම් කන් නොදෙන බව පැවසුවා.

එයින් පෙන්නුම් කළේ සිය දරුවකු බොලිවුඩයේ කිරුළු පළඳිනු දැකීමට ඔහු තුළ තිබූ ආශාවයි.

නමුත් ඔහු කිසිවිටක දරුවන්ට ඊට බල කළේ නැති අතර ඔවුන්ට කැමති මාවතක යාමට ඉඩ දුන්නා.

ටයිගර් ෂ්රොෆ් ක්‍ෂේත්‍රයේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට සූදානම් වන විට ජැකී ෂ්රොෆ් පවා අමීර්ගේ උදව් ඉල්ලාස් සිටියා. නමුත් අමීර්ගේ දරුවන් ඒ සඳහා සූදානම් වූයේ නැහැ.

සිය මංගල චිත්‍රපටය පිළිබඳ අදහස් දක්වමින් ජුනයිඩ් පැවසුවේ “මම කතාවට ඇත්තටම කැමතියි. සිද් සර්ගේ පහුගිය වැඩ වලට මම හරිම ආසයි. යාෂ් රාජ් කියන්නේ අද රටේ ඉන්න ලොකුම නිෂ්පාදකයෙක්. එබැවින් එය මඟ හැර යාමට කිසිම හේතුවක් පෙනුණේ නැහැ. චිත්‍රපටය සංවේදී නිසා සිද්ධාර්ත් චිත්‍රපටය හසුරුවයි කියලා මට සම්පූර්ණ විශ්වාසයක් තිබුණා. ඔහු එය සංවේදීව සහ සැලකිල්ලෙන් හසුරුවන අතර මට එය නිවැරදිව නිරූපනය කළ හැකි වනු ඇතැයි ලොකු විශ්වාසයක් තිබුණා” යනුවෙනි.

එමෙන්ම ජුනයිඩ් පැවසුවේ දශකයකට ආසන්න කාලයක් නළුවෙකු වීමට ඔහුට සිහිනයක් පැවති බවයි.

පියා සමඟ ඔහුගේ මංගල ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කළේ දැයි ඇසූ විට ඔහු පැවසුවේ, මම පියා සමඟ චිත්‍රපටය ගැන වැඩි යමක් සාකච්ඡා කළේ නැති බවයි.

“එය ඔහුගේ චිත්‍රපටයක් නොවන අතර ඔහු කාර්යබහුල වන්නේ ඔහුගේ වැඩ කටයුතු සමඟයි. සිද් සර් සහ ආදි සර් ඔහුට චිත්‍රපටිය පෙන්නුවා. ඔහු එයට කැමති වූ අතර යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබුණා” යනුවෙනි.

Latest News

More like this

ඒ ප්‍රකාශයේ යම් වැරද්දක් තියෙනවා… මගේ බිරිඳ මීටත් වඩා සමාව ගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.. සජීව් රාජපුත්‍ර

කාන්තා පාර්ශවයට සිදුවන බොහෝ අතවරවලට හේතුව වන්නේ ඔවුන්ගේ ඇඳුම්...

ඇස්වලින් ඔරවා පාදඩයින් මට්ටු කිරීමේ කලාව

සජීව් රාජපුත්‍රගේ නෝනා ආසාවටවත් බස් එකක, කෝච්චියක, මහ පාරේ...

අපි කවදාවත් දික්කසාද වෙන්නෙ නැහැ.. එක වහලක් යට ඉන්නත් බැහැ… හිරුණිකා සැමියා ගැන කියයි

ලංකාවේ දේශපාලනේ ප්‍රබල හඬක් නැගීමට තරම් බලයක් තියෙන කාන්තා...

සජිත් ඊයේ මහ රෑ දිලිත්ගේ ගෙදර ගිහින් !

සජබ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඊයේ (14) රාත්‍රී...