2024 හොඳම රොමෑන්ටික් K-Drama 7 මෙන්න!

“Lovely Runner” සහ “Queen of Tears” වැනි නාට්‍ය දකුණු කොරියාවේ රූපවාහිනී ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ගෙන ගිය අතර, 2024 වසර මෙතෙක් පැවති විශිෂ්ටතම K-drama යුගයක් බවට පත් කිරීමටත් හේතු වුණා.

ඒවා මේ වන විට බොහෝ වාර්තා බිඳ දමා, ජාතික ශ්‍රේණිගත කිරීම් කඩා බිඳ දමා අවසානයි.

මේ 2024 වසරේ දී මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂක හදවත් අත්පත් කරගත් රෝමෑන්තික නාට්‍ය අතර ඉහළින්ම වැජඹෙන නාට්‍ය හතක්.

Lovely Runner

“Queen of Tears” වලින් පසු දකුණු කොරියානු ශ්‍රේණිගත කිරීම්වල ඉහළටම ආවේ “Lovely Runner”ය. එහි ප්‍රධාන චරිත නිරූපනය කළ Ryu Sun-Jae සහ Im Sol කෙටි කලකින් ජනප්‍රියම K-Drama යුවළ අතරට ගේන්න හැකි වුණෙත් එය එතරම්ම ප්‍රබල කතා පුවතක් වූ නිසා. රටපුරා ශ්‍රේණිගත කිරීම්වල “Queen of Tears” සහ “Crash Landing Onto You” යන දෙකම අභිබවා ගොස් TVN හි මෙතෙක් ඉහළම ශ්‍රේණිගත කළ K-නාට්‍යය බවට පත් වීමට ද එයට හැකියාව ලැබුණා. මෙහි තේමාව වන්නේ 2008 සහ 2023 අතර දෝලනය වෙමින් කාලය අතර එහා මෙහා යන, ආදරයෙන් බැඳෙන පෙම්වතුන්දෙදෙනෙකුගේ කතාවක්. එය මේ වනවිට කොරියානු නාට්‍ය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම, සංකීර්ණම ආදර කතා මාලාවක් නිර්මාණය කීරිමට සමත් වී තිබෙනවා.

The Midnight Studio

“The Midnight Studio” යනු එතරම් ප්‍රසිද්ධ නොවූ 2024 විකාශය වූ K-Drama එකකි. එයට හේතුව එය අසාර්ථක වීම නොව “Lovely Runner” සහ ” Queen of Tears” වැනි යෝධයන් විසින් එය යටපත් කිරීමයි. නමුත් එය 2024 දී වඩාත් හද උණුසුම් කරවන සහ ආකර්ශනීය නාට්‍ය වලින් එකක් වූ බව අවිවාදිතය. Kwon Nara සහ Joo Won මෙහි රංගනයෙන් දායක වුණා. “The Midnight Studio” මිය ගිය අයගේ පින්තූර ගැනීම සඳහා චිත්‍රාගාරයක් පවත්වාගෙන යන Seo Ki-Joo නම් තරුණයෙක් වටා ගෙතුණු කතා පුවතක්. සමහරු මෙය අත්හැරියේ එහි ඇති අඳුරු රූප රාමු හේතුවෙන්.

Queens of Tears

2024 රොමෑන්ටික් K-Drama ගැන කතා කරන විට “Queen of Tears” මඟහැර යන්න බෑ. කොරියාවේ වැඩිම වැටුප් ලබන නළුවා, Kim Soo-Hyun සහ දකුණු කොරියාවේ ඉතිහාසයේ වඩාත් ප්‍රසිද්ධ හමුදා රොමෑන්ටික් K-Drama තරුව වන Kim Ji-Won එයට ප්‍රධාන රංගනයෙන් දායක වුණා. “Queen of Tears” 2024 වඩාත්ම ප්‍රචලිත වූ K-Drama එක ලෙස හැඳින්වුවත් එහි වරදක් නැහැ. Queens සමූහයේ උරුමක්කාරිය වන Hong Hae-in (Ji-won) සහ සමූහයේ නීති අධ්‍යක්ෂක Baek Hyun-woo (Soo-hyun) මතුපිටින් සතුටින් විවාහක යුවළකි. වැඩි කල් යන්නට මත්තෙන් අර්බුද පැනනඟින අතර දෙදෙනාට එකට ඊට මුහුණ දීමට සිදු වෙනවා.

Doctor Slump

එකිනෙකාට වෛර කළ උසස් පෙළ පන්තියේ මිතුරන් දෙදෙනෙකු, වෛද්‍යවරුන් දෙදෙනෙකු වී ආදරයෙන් බැඳෙන කතා පුවතක් “Doctor Slump”හි තේමාවයි. රොමෑන්ටික් සහ කොමඩි සම්මිශ්‍රණයක් වන “Doctor Slimp” Park Hyung-Sik සහ Park Shin-Hyeගේ අපූරු රසායනය නිසාම බොහෝ දෙනෙක් ආදරයෙන් වැළැඳගත්තා.

Captivating the King

“Captivating the King” යනු 2024 දී මතු වූ තවත් එක් රොමෑන්ටික් K-Drama එකක්. එය ඇතැමුන් මඟ හැරියේ එය අතීත කතා පුවතක් මත පදනම් වීම නිසා. කෙසේ වෙතත්, කථා වස්තුව ඉතා සංකීර්ණ සහ නිර්මාණශීලීව ගොඩ නැගූවක්. ‘Hospital Playlist’ හි ඔහුගේ ප්‍රධාන භූමිකාවෙන් හුරුපුරුදු Jo Jung-Suk දුර්වල ස්වභාවය සහ බලවත් තනතුර හේතුවෙන් දේශපාලනිකව හා ශාරීරිකව අනතුරට පත්වන රජෙකුගේ භූමිකාවට මෙහි පණ පොවයි. Se-Kyung ඔහුව පොළඹවාගෙන බලය ලබා ගැනීමට කරන උත්සහයක් මෙහි තේමාව වී තිබෙනවා.

Marry My Husband

තම සැමියා සමඟ ඇගේ හොඳම මිතුරිය අනියම් ඇසුරක් පවත්වන බවත් පසුව ඔවුන් විසින් තමා ඝාතනය කරන බවත් දැනගන්නා කන්ග් ජි-වොන් නම් චරිතය මෙහි ලා නිරූපනය කරන්නේ Park Min-Young විසින්.

Branding in Seongsu

“Barnding in Seongsu” මුලින් පෙනෙන්නේ මතුපිටින් පෙනෙන සතුරන් හා පෙම්වතුන්ගේ K-drama එකක් ලෙසින්. නමුත් ගැඹුරට කිමිදෙන විට, දේවල් වේගයෙන් සංකීර්ණ වීමට පටන් ගනී. Park Solomon සහ Kim Ji-Eun රංගනයෙන් දායක වන “Branding in Seongsu”, කථාංග 24ම ආරම්භයේ සිට අවසානය දක්වා එක හුස්මට බැලිය හැකි බව කිව යුතුමයි.

Latest News

More like this

තලපති විජේගේ 51 වැනි උපන් දිනය දා තෑග්ග

ජෝසෆ් විජේ චන්ද්‍රසේකර් නොහොත් දෙමළ සිනමාවේ තලපති විජේගේ 51වැනි...

Sugaගේ පැමිණීමෙන් යළි එක් වූ BTS…

ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ K-pop කණ්ඩායමක් වන BTS හි සන්ධිස්ථානයක්...

තරුණියන් අතර උන්මාදයක් වූ නික් කාටර්ගේ රූපය ඇදහිය නොහැකි ලෙස වෙනස් වෙලා

Back Street Boys ප්‍රධාන ගායක නික් කාටර් හෙවත් නිකොලස්...

මෝහාන්ලාල්ගේ ‘තුඩරුම්’ කොෆියක් බවට චෝදනා

මොහාන්ලාල් සහ ශෝභනා රංගනයෙන් දායක වූ අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක්...
error: Content is protected !!