බිරිඳගේ නැගණිය සහ වෛද්‍යවරියකගේ නිරුවත් දර්ශන නැරඹු වෛද්‍යවරයාට පහර දී නිවසනුත් එළවයි

යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු සිය නිවසේ නාන කාමරය තුළ සවි කරනු ලැබූ කැමරා පද්ධතියකින් සිය බිරිඳ, බිරිඳගේ නැගණිය සහ තවත් තරුණ වෛද්‍යවරියකගේ නිරුවත් දර්ශන නරඹා ඇති බව අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබඳ දැනගත් අවස්ථාවේ වෛද්‍යවරයාට පහර දී නිවසින් එළවා දැමීමට කටයුතු කළ බිරිඳ එදිනම නීතිඥයකු හමු වී ඔහුගෙන් දික්කසාදය ලබා ගැනීම සඳහා ද කටයුතු කළ ඇති බවයි වාර්තා වන්නේ.

යාපනය ශික්ෂණ රෝහලේ සේවය කරන මෙම වෛද්‍යවරයා යාපනය තිරුණවේලී ප‍්‍රදේශයේ නිවසක පදිංචිව සිට ඇති අතර එහි බිරිදගේ මව නැගණිය හා තවත් තරුණ වෛද්‍යවරියක් ජීවත් වී තිබෙනවා.

බොහෝ කලක සිට සිය ස්වාමියාගෙන් විශාල වෙනසක් බිරිදට දක්නට ලැබුණු නිසා ඇය ඔහු කෙරෙහි දැඩි විපරමෙන් සිට ඇතැයි සඳහන්.

ඉකුත් 13 වැනිදා නාන කාමරයේ ජල නල පද්ධතියේ වූ දෝෂයක් නිවැරදි කරගැනීම පිණිස බිරිද විසින් ජල නල කාර්මිකයෙකු කැදවා ඔහුට දෝෂ ගැන ප‍්‍රකාශ කොට තිබුණා.

නාන කමරයේ ජල නල දෙකක් කැඞී ගොස් තිබූ නිසා කාර්මිකයා එම නල දෙක ගැලවීමේදී ඒ තුළ කැමරා දෙකක් සවිකොට ඇති බව දැක නිවසේ කාන්තාවට දැනුම් දී තිබුණේ ඉන් පසුවයි.

කාන්තාව සැමියාගෙන් ඒබව ප‍්‍රශ්න කිරීමේදී තමන් කිසිවක් නොදන්නා බව පැවසුවත් ඔහුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඇයගේ නැගණියගේ හා තරුණ වෛද්‍යවරියගේ නිරුවත් දර්ශන රැසක් නාන කාමරයට සවි කරන ලද කැමරාව ඔස්සේ ලබාගෙන ජංගම දුරකතනයේ සටහන් කරගෙන සිටි බව අනාවරණය වී තිබෙනවා.

ඒ අවථාවේදීම බිරිද වෛද්‍යවරයට පහරදී නිවසින් එලවා දමා ඇති අතර වෛද්‍යවරයාගෙන් දික්කසාද වීමට ද සියලු කටයුතු සිදු කර ඇති බව සඳහන් වෙනවා.

නිවසින් එලියට දැමූ වෛද්‍යවරයා මිතුරෙකුගේ කාමරයක සිටින බව දැනගත් කාන්තාව එම නිවසට ගොස් වෛද්‍යවරයා කළ ක‍්‍රියාව ඔහුටද පවසා ඔහුව නිවසින් එලියට දමන ලෙස දැනුම් දී තිබුණා.

මේ වන විට එම වෛද්‍යවරයා දින කීපයක් නිවාඩු ලබාගෙන යාපනය ප‍්‍රදේශයෙන් පලා ගොස් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!