කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් පෝළිම 2028 දක්වා දිගුවේ.. දැනට ලිස්‍ට් එකේ ඉන්න ඇතැම් රෝගීන් ජීවතුන් අතර ඉන්නව ද දන්නෙත් නැහැ

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සහ උරස් ශල්‍ය ඒකකය තුළ හෘද සැත්කම් කළ යුතු රෝගීන්ගේ පෝළිම 2028 දක්වා දිගු වී ඇති බව එම රෝහලේ අභ්‍යන්‍තර ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එම ඒකකයේ හෘද සැත්කමක් සඳහා අද ලියාපදිංචි වන රෝගියෙක්ට සැත්කම කර ගැනීම සඳහා වසර හතරක් බලා සිටීමට සිදු වෙනවා.

රෝගීන් පවසන්නේ හෘද සැත්කම් සඳහා මෙම ඒකකයේ ලියාපදිංචි වන රෝගියකුට මෙහි සේවය කරන වෛද්‍යවරු විසින් ලබා දෙන්නේ 2028 දින බවයි.

මේ වන විට කොන්ත්‍රාත් පදනමින් එම ඒකකයේ සේවය කරන හෘද සහ උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා සඳහන් කරන ආකාරයට ඔහු විශ්‍රාම යන විට හෘද සැත්කම් කිරීම සඳහා රෝගීන් 4000 කගේ පමණ ලැයිස්තුවක් පැවති අතර එම රෝගීන් මේ වන විට ජීවතුන් අතර සිටී ද යන්න සොයා බැලීමේ අවශ්‍යතාවක් පවා පවතී.

මේ පිළිබඳ අදහස් දක්වමින් හෘද සහ උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලූෂා හරිස්චන්ද්‍ර මහත්මිය, මෙම තත්ත්වයට හේතුව කණිෂ්ඨ වෛද්‍යවරු හිඟය බව සඳහන් කර තිබෙනවා.

“හෘද සැත්කම් කර ගැනීම සඳහා 2028 වනතෙක් බලා සිටීම කිසිම හෘද රෝගියකුට ප්‍රායෝගික නෑ. මේ නිසා අලුතෙන් ලියාපදිංචි වන රෝගීන් සඳහා අමතර ලයිස්තුවක් අපි දාලා තියෙනවා. දිනකට හෘද සැත්කම් 2ක් මා විසින් සිදු කරනවා. එක් හෘද ගා උරස් කුහර පිළිබඳ වෛද්‍යවරයෙකුට කණිෂ්ඨ වෛද්‍යවරු 8 දෙනෙකුගේ සහය අවශ්‍යයි. කණිෂ්ඨ වෛද්‍ය හිඟය මේ තත්ත්වයට විශාල වශයෙන් බලපානවා”

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!