එලෙස කෙලෙස.. “සිංහබාහු” පටිගත කර යූ ටියුබ් එකටත් දාලා

සෝමරත්න දිසානායකගේ නවතම සිනමා කෘතිය වන “සිංහබාහු” සිනමා ශාලාවක් තුළ දී පටිගත කර යූ ටියුබ් ඔස්සේ ප්‍රචාරය කළ බව කියන මහනුවර ප්‍රදේශයේ පුද්ගලයකු පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු විසින් කටුගස්තොට සීගිරි සිනමා ශාලාවේ දී සිය ජංගම දුරකතනයෙන් සිංහබාහු චිත්‍රපටය සම්පූර්ණයෙන් පටිගත කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වුණා.

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශය මඟින් සැකකරු පසපසුගියදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ සිය චිත්‍රපටය පටිගත කර යූ ටියුබ් වෙත මුදා හැර ඇති බවට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා කළ පැමිණිල්ලකට අනුවයි.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...